Home / හොලිවුඩ් ගොසිප් / ලින්ඩ්සේ හොලිවුඩයෙන් සමුගනී

ලින්ඩ්සේ හොලිවුඩයෙන් සමුගනී

2016-03-28 09:34:00       704
feature-top
හොලිවුඩ් සිනමාව තුළ දිදුලන නමක් හිමි කරගත් ජනප්‍රිය නිළි ලින්ඩ්සේ ලෝහන් තම වෘත්තීය ජීවිතය අවසන් කරන්නට තීරණය කර ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ. නැවතත් හොලිවුඩ්පුරයට පා තබන්නට කැමැත්තක් නැති බව ඇය මෑතකදී ප්‍රකාශ කර තිබුණා. තමන්ට සුපුරුදු ලන්ඩන් නුවර නි‍ෙවසට වී ඉදිරි කාලය ගත කරන්නටයි ඇය දැන් වඩාත්ම කැමැත්තක් දක්වන්නේ.

ලින්ඩ්සේ ගේ අලුත්ම පෙම්වතා, ඉගෝර් ටරබාසොව්. ඔහු, රුසියානු ජාතික ව්‍යාපාරිකයෙක්. ඔහු සමඟ ලන්ඩන් නුවර නිවෙසට වී සිටින බවයි දැනට 29 වැනි වියෙහි පසුවන ලින්ඩ්සේ පැවසුවේ. ලින්ඩ්සේ ආයෙමත් ලොස් ඇන්ජලීස් නුවරට ඇවිත් චිත්‍රපටවල රඟපාන එකක් නැහැ.

සමහරු එයා හොලිවුඩ් සිනමාවට එනවට කැමැති නැහැ. ඒ බව ලින්ඩ්සේ දන්නවා. එයා හොලිවුඩ්වලට ආපහු නොඑන්න ඒකත් එක හේතුවක් වුණා. දැන් ලින්ඩ්සේට ඕනැ වෙලා තියෙන්නෙ සමහරුන් තුළ තමන් ගැන තියෙන ආකල්ප වෙනස් කරගන්නයි. ලින්ඩ්සේගේ හිතවතියක් එලෙස පැවසුවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »