Home / හොලිවුඩ් ගොසිප් / මැඩෝනා වෙරි වෙලා?

මැඩෝනා වෙරි වෙලා?

2016-03-26 10:20:00       699
feature-top
ජනප්‍රිය ගායිකා මැඩෝනා මෑතකදී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති සංගීත ප්‍රසංගයකදී අධික ලෙස මත්පැන් බී රංගනයන් සහ ගීත ඉදිරිපත් කළැයි පැවසෙනවා. මේ පිළිබඳව චෝදනා කරන්නන් පවසන්නේ සීමාව ඉක්මවා මත්පැන් පානය කළ මැඩෝනා, ඉතාමත් අශ්ලීල අයුරින් වේදිකාවේ හැසිරුණු බවයි.

මෙයට ප්‍රතිචාර දක්වන මේ සුපිරි ගායිකාව පවසන්නේ ඇතැම් අය රංගනය යනු කුමක්දැයි හරිහැටි වටහා නොගෙන මේ අයුරින් චෝදනා නඟන බවයි. මට සහයෝගය දුන්නාට ස්තුතියි. සමහරු දන්නේ නැහැ, රංගන කලාව මොකක්ද, චරිත නිරූපණය මොකක්ද කියලා. මම කවදාවත් මගේ ප්‍රසංගවලදී මත්වෙලා හිටියෙ නැහැ. මැඩෝනා එලෙස ප්‍රතිචාර දක්වා තිබුණේ තම ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙන්.

කෙසේ වෙතත්, මෙල්බර්න් නුවරින් නිකුත් වූ මාධ්‍ය වාර්තාවක් මැඩෝනා එම ප්‍රසංගයේදී වේදිකාවේ සිට ප්‍රෙක්ෂකයන්ට පැවසූ වදන් ඒ අයුරින්ම සටහන් කර තිබුණා. මම දැන් මේ වේදිකාවේදී මීට කලින් නොකරපු දෙයක් කරනවා... මම මේ වෙලාවෙ ඇල්කොහොල් වගේ දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒත්, දෙවියනි මට බොන්න දෙයක් දෙන්න... මැඩෝනා පැවසුවේ මේ වදන් යැයි එහි සටහන් වුණා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »