Home / හොලිවුඩ් ගොසිප් / තුන්කොන් සටනක

තුන්කොන් සටනක

2016-03-23 10:32:00       700
feature-top
හොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් තුන් දෙනකු, තවමත් ප්‍රකාශයට පත්වී නොමැති ග්‍රන්ථයක අයිතිය මිලදී ගැනීමේ දැඩි තරගයක යෙදී සිටිනවා.

මේ නළුවන් තිදෙනා වන්නේ ජෝජ් ක්ලූනි, බ්‍රැඩ් පිට් සහ ලෙනාඩෝ ඩි කැප්රියෝයි. මේ තුන්දෙනා මෙලෙස තරගයක යෙදී සිටින්නේ ඔවුන් සම්බන්ධ වී සිටින චිත්‍රපට සමාගම් තුනක් වෙනුවෙන්.

මේ ග්‍රන්ථයෙහි නම, කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන්. නිව්යෝකර් පුවත්පතෙහි ඩේවිඩ් ග්‍රාන් විසින් ලියන ලද මෙය ප්‍රබන්ධ කතාවක් ඇතුළත් ග්‍රන්ථයක් නොවෙයි.

1920 දශකයේදී ඇමෙරිකාවේ ඔසේජ් මිටියාවතෙහි විසූ ඉන්දු - ඇමෙරිකානු ජාතිකයන්ගේ අබිරහස් මරණ පිළිබඳ විවරණයක් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වෙනවා.

මේ ජනතාව එවකට මෙලොව ජීවත්වූ ධනවත්ම පිරිස යැයි සැලකෙනවා. මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්වීමට නියමිතව ඇත්තේ 2017 දීයි.

කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් ග්‍රන්ථය ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි, එහි අයිතිය ලබා ගැනීමට තරග කරන සිනමා සමාගම්වල අරමුණ වී ඇත්තේ.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »