Home / හොලිවුඩ් ගොසිප් / බෲනෝ ගේ ඇස සම්මානය දෙස

බෲනෝ ගේ ඇස සම්මානය දෙස

2016-03-21 10:21:00       688
feature-top
යොවුන් පරපුර අතර ජනප්‍රිය වූ ගායක බෲනෝ මාස්ගේ අලුත්ම ගීත එකතුව ළඟදීම නිකුත් කිරීමට නියමිතයි. මෙය ඔහු විසින් චිත්‍රාගාරයකදී පටිගත කරන ලද තුන්වැනි ගීත එකතුව හැටියටයි හඳුන්වා දී ඇත්තේ. ගීත එකතුව මේ මාසයේ නිකුත් කිරීමට කලින් බලාපොරොත්තුව සිටියත් පසුව එය මාස කිහිපයකට කල් දමන්නට සිදුවෙලා.

බෲනෝගේ පියා පැවසුවේ කලාකරුවන් සහභාගිවන පාපන්දු තරගයකට එක්වීමට බෲනෝට ඇරියුම් ලැබී ඇති නිසා මේ ප්‍රමාදය සිදුවන බවයි.

පියා එලෙස කීවත් තතු දන්නා අය කියන්නේ ලබන වසරේ පැවැත්වෙන ග්‍රැමී සම්මාන උලෙළ ඉලක්ක කරගෙන තම ගීත එකතුව එළි දැක්වීමේ අදහසක් බෲනෝ තුළ තිබෙන බවයි. දැනට පටිගත කර ඇති ගීත හත යළි වෙනස් කිරීමට බෲනෝ මේ දිනවල උත්සාහ ගන්නා බවත් පැවසෙනවා.

විශේෂයෙන්ම එම ගීතවල පසුබිම් සංගීත නිර්මාණයන් වෙනස් කෙරෙනු ඇති බවටත් ආරංචි පැතිරී ගොස් තිබෙනවා. ඒ වෙනස්කම් සිදු කිරීමෙන් පසුව ගීත එකතුව සැප්තැම්බරයේදී හෝ ඔක්තෝබරයේදී නිකුත් කෙරෙනු ඇති බවයි බෲනෝ ගේ සමීපතමයන් පවසන්නේ.

මේ සුපිරි ගායකයාගේ අරමුණ ලබන වසරේදී හොඳම ගීත එකතුවට හිමි වන ග්‍රැමී සම්මානය දිනා ගැනීමලු.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »