Home / හොලිවුඩ් ගොසිප් / බ්‍රිට්නි හෙමිහිට ස්ථිර ගමනක

බ්‍රිට්නි හෙමිහිට ස්ථිර ගමනක

2016-03-16 09:24:00       703
feature-top
ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් තවමත් ජයග්‍රාහීව ඉදිරියට ගමන් කරමින් සිටිනවා. ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැඟී සිටියත් ඇතැම් ප්‍රසිද්ධ මුද්‍රිත මාධ්‍යයන්ට ඇගේ නවක තතු සටහන් කරන්නට තවමත් නොහැකි වෙලා. සුප්‍රකට වී මැගසින් නම්වූ වාර ප්‍රකාශනය එවැනි මුද්‍රිත මාධ්‍යයක්. එහි 100 වැනි කලාපය වන තුරුම බ්‍රිට්නිගේ කිසිම පුවතක් පළ කර තිබුණේ නැහැ. පසුගිය දා නිකුත් වූ වී මැගසින් සඟරාවේ 100 වැනි කලාපය බ්‍රිට්නි සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

එහිදී ඇය විශේෂයෙන් සඳහන් කළේ අන්තර් ජාලය තුළ තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් තිබුණත් පරිගණකය සමඟ තමන්ගේ වැඩි ගනුදෙනුවක් නැති බවයි.

ඇත්තම කිව්වොත් තවමත් මම මගේ කම්පියුටර් එකත් එක්ක වැඩ කරන්නෙ නැහැ. මගේ දරුවන් නම් අඩුවක් නැතුව කම්පියුටර් එක පාවිච්චි කරනවා. වෙන අයට නම් කම්පියුටර් නැතුවම බැරි බව මම දන්නවා. ඒත් මම එහෙම නැහැ.

බ්‍රිට්නි තමන්ගේ ගීත ඇල්බම නිකුත් කරන්නටත් කලබල වෙන්නෙ නැහැ. ඇගේ නවතම ගී ඇතුළත් ඇල්බමය කවදා නිකුත් වේදැයි බොහෝ දෙනකු විමසනවා. ඇය පවසන්නේ එය ලබන මාසයේ හෝ ඊළඟ මාසයේ හෝ එසේත් නැතිනම් ඊළඟ වසරේ නිකුත් වේදැයි කිව නොහැකි බවයි. කොහොම වෙතත් හෙමිහිට ස්ථිර ගමනක් යෑම තම අරමුණ යැයි ඇය පවසනවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »