Home / හොලිවුඩ් ගොසිප් / ඩ්‍රැකියුලෙක් බීලා!

ඩ්‍රැකියුලෙක් බීලා!

2016-03-15 10:57:00       702
feature-top
ප්‍රවීණ නළු ජෝර්ජ් ක්ලූනි රඟන අලුත්ම චිත්‍රපටය හේල් සීසර්. මෙහි දර්ශන කිහිපයක රඟපාන අතරතුරදී ඔහු මාධ්‍යවේදියකු සමඟ කතාබහකට එක්වුණා. අතීත සිදුවීමක් සිහිපත් කළ ජෝර්ජ් ක්ලූනි, මීට වසර 24කට පෙර චිත්‍ර පටයක් සඳහා නළුවන් තෝරා ගත් සම්මුඛ පරීක්ෂණයකට තමන් පෙනී සිටිද්දී ලද අත්දැකීමක් මෙලෙස හෙළි කළා.

එදා මම ගියේ ඩ්‍රැකියුලා චිත්‍රපටය වෙනුවෙන් නළු නිළියන් තෝරා ගන්න පරීක්ෂණයකට. හොඳින් රඟපාල පෙන්වන්න පුළුවන් වෙන්නෙ පොඩ්ඩක් බීල ගියොත් තමයි කියල මට හිතුණා. එහෙම කල්පනා කරපු මම මත්පැන් වගයක් බීලා, පරීක්ෂණයකට ගියා. එතනදී, ඩ්‍රැකියුලා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොලා කියපු විදිහට කෙටි රඟපෑමක් කළා. ඒත් දෙබස් පැටලුණා කියපු දේවල් තේරුණේ නැහැ. අධ්‍යක්ෂවරයාට හොඳටම කේන්ති ගියා. මේ මිනිහ හොඳටම බීලා ඔන්න ඔහොම කියල එයා මාව පරීක්ෂණයෙන් ඉවත් කළා.

දශක තුනක් ගතවී ඇති තම සිනමා ජීවිතය තුළ සිදුකළ එකම මෝඩකම මත්පැන් බී එලෙස හැසිරීම යැයි ඔහු පැවසුවේ උපහාසයෙන් යුතුවයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »