Home / හොලිවුඩ් ගොසිප් / චාලි ශීන්ගේ ඔපරේෂන් හාමනි

චාලි ශීන්ගේ ඔපරේෂන් හාමනි

2016-03-14 10:59:00       704
feature-top
ජනප්‍රිය නළු චාලී ශීන්ගෙන් වෙන්ව ගිය බිරින්දෑවරුන් දෙදෙනා වන්නේ බෲක් මුලර් සහ ඩෙනිස් රිචඩ්ස්. ඔහු එක් අයකු වෙනුවෙන් ඩොලර් 55000 බැගින් මාසිකව නඩත්තු මුදල් ගෙවනවා. ඔහුට දාව මුලර් හට වයස අවුරුදු 6ක් වූ බොබ් සහ මැක්ස් නමින් නිවුන් දරුවන් දෙදෙනකු ද, ඩෙනිස් හට සෑම් (වයස 11) සහ ලෝලා (10) නමින් දියණියන් දෙදෙනකු ද සිටිනවා.

චාලී ශීන් මේ වගතුග හෙළි කළේ මෑතකදී ඇමෙරිකාවේ විකාශය වූ ද ඩොක්ටර් ඕස් ෂෝ නම්වූ වැඩසටහනකට සහභාගි වෙමින්. චාලිගේ මේ නඩත්තු ගෙවීමට ඔහු විසින්ම නමක් පටබැඳ තිබෙනවා. ඒ, ඔපරේෂන් හාමනි යනුවෙන්.

මාසිකව නඩත්තු මුදල් ගෙවීමට අමතරව ඔහු විසින් බිරින්දෑවරුන් දෙදෙනාට සහ දරුවන් සිවු දෙනාට නිවාස දෙකක් ද මිලදී ගෙන ඔවුන්ව පදිංචි කරලා. මේ නිවෙස් එක ළඟ ඇති අතර පිහිටා ඇත්තේ චාලිගේ නිවෙසට ආසන්නවයි. ඔහු තවදුරටත් පවසන්නේ නිවාස එක ළඟ තිබීමෙන් ඔවුන් අතර හිතවත්කම් ගොඩනැ‍ඟෙනු ඇතැයි තමා සිතූ බවයි. නමුත්, ඒ සිතුවිල්ල හරි ගියේ නැතැයි ඔහු කනස්සල්ලෙන් කියනවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »