Home / හොලිවුඩ් ගොසිප් / රිහානා ග්‍රැමී උලෙළ මඟහැරලා?

රිහානා ග්‍රැමී උලෙළ මඟහැරලා?

2016-03-08 12:38:00       702
feature-top
පසුගිය දා පැවැති ග්‍රැමී සම්මාන උලෙළට ජනප්‍රිය ගායිකා රිහානා සහභාගි වුණේ නැහැ. ඇයට තදබල ලෙස සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම නිසා උලෙළට සහභාගි නොවූ බවයි ආරංචිවල සඳහන් වී තිබුණේ.

එම උලෙළේ ගීතමය රංගනයන් ඉදිරිපත් කරන්න ඇය සූදානම් වී සිටියා.

ඒත්, සමහරු ප්‍රකාශ කර තිබුණේ රිහානා එලෙස සහභාගි නොවූයේ අසනීපයක් නිසා නොව වෙනත් හේතුවක් නිසා බවයි. රිහානා හිතුවා, එයාගෙ රංගනයේ සහ ගායනයේ අනෙක් ශිල්පීන්ගේ රැඟුම්, ගැයුම්වලට වඩා යම්කිසි අඩුවක් තියේවිය කියලා. ඒ ගැන එයාට සැකයක් තිබුණා.

ඒ නිසා එයා මෙවර ග්‍රැමී සම්මාන උලෙළ මඟ හැරියා. ග්‍රැමී උලෙළේ ඇතුළත වගතුග දන්නා අයකු එලෙස ප්‍රකාශ කර තිබුණා.

තවත් අයකු කියා තිබුණේ රිහානා, ග්‍රැමී සම්මාන උලෙළේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු රංගනයන්හි පෙරහුරුවලදී ඇගේ ගීත ඇය විසින් ගායනා නොකරන ලද බවයි. ඒ වෙනුවට එම ගීත ඇතුළත් තැටි වාදනය කළ බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් වෙනත් අය ප්‍රකාශ කළේ එම පෙරහුරුවලදී වෛද්‍යවරයකු පැමිණ රිහානාව පරීක්ෂා කළ බවයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »