Home / හොලිවුඩ් ගොසිප් / ෆේස්බුක්, ට්විටර් නැති පෙනිලෝප්

ෆේස්බුක්, ට්විටර් නැති පෙනිලෝප්

2016-03-07 10:00:00       696
feature-top
පෙනිලෝප් කෲස් ගේ වයස මේ වන විට 41ක්. ඒත් ඇය තවමත් හොඳ පෙනුමකින් යුතුව සිනමා ලොව රැඳී සිටිනවා. මේ රුවැති නිළිය නිරතුරුවම තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන විපරම් කරමිනුයි පසුවන්නේ.

මම, අවුරුද්දකට දෙවතාවක් ප්‍රවීණ පෝෂණවේදියකු හමුවෙලා මට ගැළපෙන විටමින් සහ ඛනිජ වර්ග තියෙන බේත්හේත් ගන්නවා. වෛද්‍ය උපදෙස් පිළිපදිනවා. ඒ නිසයි මම හැමදාම නිරෝගීව ජීවත් වෙන්නෙ. මම හොඳින්ම විශ්වාස කරන දෙයක් තමයි, තමන්ගේ උදරය ශරීරයේ දෙවැනි මොළය බව.

මම කවදාවත් විවිධාකාර විටමින් වර්ග දිගට හරහට ගන්නෙ නැහැ. ඒක හරිම වැදගත්.

පෙනිලෝප් සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියා. මේ හොලිවුඩ් නිළිය මෙතෙක් කිසිදු අවස්ථාවක මුහුණු පොත (facebook) හෝ ට්විටර් පිටුවක් භාවිත කර නැහැ. ඇය පවසන්නේ ඒවා ස්වාභාවිකත්වයෙන් තොර මෙවලම් බවයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »