Home / හොලිවුඩ් ගොසිප් / ලොවම බලා සිටි ඔස්කාර් රාත්‍රිය

ලොවම බලා සිටි ඔස්කාර් රාත්‍රිය

2016-03-05 09:42:00       694
feature-top
හොලිවුඩ් පුරයේ ඩබ්ලි චිත්‍රාගාරයට පසුගිය දා තරු ගොන්නක් එක වර පෑයු නිසාදෝ කෙදිනටත් වඩා දිදුළමින් තිබිණි. ඒ පසුගියදා පැවැති 88 වැනි ඔස්කාර් සම්මාන උළෙල සඳහා සහභාගි වීමට පැමිණි හොළිවුඩ් තරු ගොන්නෙන් චිත්‍රාගාරය පිරි ඉතිරි ගිය නිසාය. ඔස්කාර් සම්මාන උළෙල හොලිවුඩ් සුපිරි තරු ගොන්නට සුවිශේෂි වන්නේ එය හුදෙක් සම්මාන පිරිනැමීම පමණක් නිසාම නොවෙයි. එදිනට මේ තරු එකිනෙකාගෙන් කැපී පෙනෙන්නට සූදානම් වන්නේ බොහෝ කලෙක සිටය. සුපිරි තරු අතර නව විලාසිතා මවන තම ධනය සහ බලය පෙන්වීමේ හොඳම තෝතැන්න ලෙස ඔස්කාර් සම්මාන රාත්‍රිය ප්‍ර‍කටය.

සමීප මිතුරු මිතුරියන් පිරිවරා විනෝද වන්නට, තරහ මරහ අමතක කර හොඳ මිතු දම් ගොඩ නැගෙන, පැරැණි පෙම්වතුන් තම නව සහකරුවන් සමග නැවැත මුහුණට මුහුණ මුණ ගැසෙන මාධ්‍ය ලොවට කතා ගොන්නක් මැවිය හැකි ඔස්කාර් සම්මාන රාත්‍රියේ මෙවර කාගෙත් වැඩි අවධානය යොමු වූයේ එකිනෙකාට නොදෙවැනි විලාසිතා මවමින් රතු පළස මත ඇවිද ආ ජනප්‍රිය හොලිවුඩ් තරු වන ජෙනිෆර් ලෝරන්ස්, කේට් වින්ස්ලට්, රේචල් මැක්ඇඩම්ස්, බ්‍රේ ලාසෝන් සහ ඇලිෂියා විකන්ඩර්ය.

ඒ අතර හොඳම නළුවාට හිමි සම්මානයට නිරුදේශ වූ ටොම් හාර්ඩි, මැට් ඩේමොන්, ලියනාඩෝ ඩිකැප්රියෝ,මයිකල් ෆස්බෙන්ඩර් සහ එඩි රෙඩ්මෛන් පැමිණ සිටි අයගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූහ. මේ අතර ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාද මෙවර ඔස්කාර් සම්මාන රාත්‍රිය වර්ණවත් කරන්නට ආරාධනා ලැබ සිටීමද සුවිශේෂය.

මෙවර සම්මාන උළෙලට සහභාගීවන්නට ප්‍රියංකා පැමිණ සිටියේ මිලියන ගණනක් වියදම් කරමිනි. ඒ ඇගේ ඇඳුම් විලාසිතාව සඳහාය. මිලියන 8 පමණ වටිනා ඇඳුමකින් සැරසි ඔස්කාර් රාත්‍රිය වර්ණවත් කරන්නට පැමිණි ප්‍රියංකා මාධ්‍යට එදින පුවත් මවන්නියක් වූයේ ඒ නිසාවෙනි.

මෙවර ඔස්කා ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ සමත් විය. ඒ, ද රිවෙනන්ට් (The Revenant) චිත්‍රපටයෙ ඔහුගේ රංගනය වෙනුවෙනි. මෙවර ඔස්කාර් රසිකයන්, ලියනාඩෝ මෙන්ම එම සම්මානය කෙරෙහි විශාල බලාපොරොත්තු තබා සිටි බව නොරහසකි. ඔස්කා සම්මාන උළෙලේ හය වතාවක් හොඳම නළුවාට නිර්දේශ වී තිබුණද සිය රංගන දිවියේ පළමු වතාවට ලියනාඩෝට මෙම සම්මානය හිමිකර ගැනීමට හැකිවිය.

හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනිමින් තමාට ලැබෙන තත්ත්පර ගණනක සිමිත කාල සීමාවේදි මේ සුපිරි නළුවා කළ අර්ථාන්විත කතාව මෙවර එම සම්මාන රාත්‍රිය අතරට එක්වු සුවිශේෂි සිදුවිම් ගොන්නට එක් විය. තමාට ලැබුණු ඒ කෙටි කාලය වල් පල් දොඩවන්නට, විහිළු තහළු කරමින් පැමිණ සිට අය හිනස්සන්නට උත්සහ නොකළ ඔහු ඒ තත්ත්පර ගණන ගෝලීය උෂ්ණත්වයේ වැඩි වීමත් සමග සිදුවන පරිසර හානිය ගැන කතා කරන්නටත් ඒ පිළිබඳ ලෝක නායකයන්ගේ සහ මිනිසුන්ගේ අවධානය යොමු කිරීමේ වැදගත් කම සිහි කරන්නටත් යොදා ගත්තේය. මේ කතාවත් සමග ලියනාඩෝ ලොව පුරා සිනමා ලෝලින්ගේ ආදරයට මෙන්ම ගෞරවයටද පාත්‍ර‍ විය. සම්මාන රැසක් පිරි නැමුණු මෙම රාත්‍රියේදී Room චිත්‍රපටය වෙනුවෙන් බ්‍රේ ලාසෝන් හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය. හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය රෙවනන්ට් චිත්‍ර‍පටය සඳහා ඇල්ජනාන්ඩ්‍රෝ ජී ද, හොඳම සංස්කරණය වෙනුවෙන් මාග්‍ර‍් සික්සල් ද සම්මානයට පාත්‍ර‍වු අතර හොඳම සහය නළුවා ලෙස මාර්ක් රේලන්ස් බ්‍රිඩ් ඔෆ් ස්පයිස් ද, ඇලීෂියා වෛකන්ඩ හොඳම සහය නිළිය ලෙසද සම්මාන දිනා ගත්හ.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »