Home / හොලිවුඩ් ගොසිප් / ක්රේවග් ජේම්ස් බොන්ඩ්ට සමුදෙයි

ක්රේවග් ජේම්ස් බොන්ඩ්ට සමුදෙයි

2016-03-04 03:26:00       700
feature-top
වසර 10ක් පුරා ජේම්ස් බොන්ඩ්ගේ චරිතයට පණ දුන් ඩැනියල් කරේවග්, එයින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඇමෙරිකානු ටෙලි නාට්‍ය මාලාවක් වන පියුරිටි හි ප්‍රධාන චරිතයක් රඟපෑමටයි ඔහු ජේම්ස් බොන්ඩ්ගෙන් ඈත්වන්නට ලකලැහැස්ති වන්නේ.

ජොනතන් ෆ්රැයන්සෙන් ලියූ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වන මේ මාලා නාටකයෙහි කථාංග රැසක්ම ඇතුළත් වන බවයි පැවසෙන්නේ.

පසුගිය වසරේ තිරගත වූ 24 වැනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ද ස්පෙක්ට්ර තිරගත වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඩැනියල් කරේවග් පවසා තිබුණේ ජේම්ස් බොන්ඩ් චරිතයෙන් සමුගැනීමට සිත යොමුකර ඇති බවයි.

කෙසේ වෙතත් මෑතකදී ඔහු ප්‍රකාශ කර තිබුණේ තවත් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක රඟපෑමට ගිවිසුම් අත්සන් කර ඇති නිසා දැන්ම ජේම්ස් බොන්ඩ්ගෙන් සමු නොගන්නා බවයි.

ඩැනියල් කරේවග් ඉවත්වීමෙන් හිස්වන ජේම්ස් බොන්ඩ් තනතුරට පත්වීමට හොලිවුඩ් සිනමාවේ දක්ෂ නළුවන් කිහිප දෙනකුම සිටින බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »