Home / හොලිවුඩ් ගොසිප් / ටේලර් ස්විෆ්ට් ජය ලබයි

ටේලර් ස්විෆ්ට් ජය ලබයි

2016-03-02 09:20:00       705
feature-top
සුප්‍රකට ග්‍රැමී සම්මාන උලෙළ 58 වැනි වතාවටත් පසුගිය සතියේ ලොස් ඇන්ජලීස් නුවර ස්ටේප්ල්ස් සෙන්ටර් හිදී පැවැත්වුණා. මෙහිදී 2015 වසරේ හොඳම ගීත එකතුවට හිමි සම්මානය දිනා ගත්තේ ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ 1989 ගීත එකතුවයි.

සම්මානය දිනාගැනීමෙන් පසුව ප්‍රේක්ෂකාගාරය ඇමතූ ටේලර් පැවසුවේ වසරේ හොඳම ගීත එකතුවට හිමි වන සම්මානය දෙවැනි වරටත් තමන්ට හිමි වූ බවයි.

මම තමයි, මේ සම්මානය දෙපාරක්ම දිනාගත්ත එකම කාන්තාව. ඇය තවදුරටත් පැවසුවා. ටේලර් ස්විෆ්ට්ගේ මේ කතාවෙන් ගායකයකු සහ ගී තැටි නිෂ්පාදකවරයකු වන කන්යේ වස්ට් වෙත වක්‍රාකාරයෙන් පහරක් එල්ල කර තිබෙනවා. ඒ, එක්තරා ගීතයක් පිළිබඳව හටගත් මත ගැටුමක් හේතුවෙන්.

ටේලර් ස්විෆ්ට් හට මේ සම්මානය හිමි වූයේ කෙන්ඩ්රි ක්ලමාර්, ක්‍රිඇස් ස්ටෙප්ල්ටන්, ඇලබාමා ෂේක්ස් වැනි ජනප්‍රිය ගායකයන් පරදවමින්.

තවමත් 26 වැනි වියෙහි පසුවන ටේලර් ස්විෆ්ට් මෙවර තමන් ලද ජයග්ර්හණය සමරුවේ පෙම්වතා වන කැල්වින් හැරිස් සහ තවත් මිතුරු මිතුරියන් රැසක් සමඟ එක්වී රාත්‍රි සාදයක් පවත්වමින්.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »