Home / හොලිවුඩ් ගොසිප් / මෙකාලේගේ හොඳ කාලය ඇවිත්

මෙකාලේගේ හොඳ කාලය ඇවිත්

2016-02-29 10:08:00       700
feature-top
පළමු වතාවට ‍නළුවකු ලෙස චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදලක් ලබාගත්තේ මෙකාලේ කල්කින්. ලෝක ප්‍රකට හෝම් අලෝන් චිත්‍රපට මාලාවේ කෙවින් නම්වූ අට හැවිරිදි දරුවා ලෙස එදා රඟපෑවේ මෙකාලි කල්කින්. හෝම් අලෝන් පළමු චිත්‍රපටය තිරගත වුණේ 1990 දීයි. ඉන් පසුව හොලිවුඩ් සිනමාවේ ජනකාන්ත තරුවක් ලෙස චිත්රරපට රැසක රඟපෑ ඔහු 2007 දී රංගනයෙන් සමුගත්තා.

පසු කාලයේදී ඔහු, ද පිසා අන්ඩර් ග්‍රවුන්ඩ් නමින් සංගීත කණ්ඩායමක් ආරම්භ කරමින් ගායකයකු ලෙස ජනප්‍රිය වුණා. ඒ අතරම විවිධ රූපවාහිනී වැඩසටහන්වලට ද සහභාගි වුණා.

මීට මාස ගණනාවකට කලින් විවිධ මාධ්‍යයන් වාර්තා කර තිබුණේ මේ ජනප්‍රිය නළුවා සහ සංගීත ශිල්පියා ලන්ඩන් නුවර වීථි දිගේ ඇවිදිමින් අවාසනාවන්ත ජීවිතයක් ගතකරන බවයි.

මේ වන විට මෙකාලේගේ ඒ අඳුරු යුගය නිමාවට පත්වෙලා. දැන් ඔහු නැවතත් සිනමාවට යොමුවෙලා. මේ පෙබරවාරි මාසයේ සිට තිරගත වන සූලෑන්ඩර් - 2 චිත්රබපටයෙන් මෙකාලෙගේ සිනමා ජීවිතයේ දෙවැනි ගමන ආරම්භ වී තිබෙනවා.

ඇඩම් ග්රීින්ස් ඇලඩින් චිත්‍රපටයේ ද ඔහුගේ රංගනයන් ඇතුළත් වන බවත් ආරංචියි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »