Home / හොලිවුඩ් ගොසිප් / පොලීසියෙන් ජෙනිෆර්ට සෙල්ෆී දඩයක්

පොලීසියෙන් ජෙනිෆර්ට සෙල්ෆී දඩයක්

2016-02-27 12:25:00       810
feature-top
දවසක් දා, ජනප්‍රය නිළි ජෙනිෆර් ගානර් තම මෝටර් රිය පදවමින් ගමනක් යමින් සිටියා. මහමඟ එක්තරා තැනක පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඔවුන්ගේ රාජකාරි කරමින් සිටිනු ඇය දුටුවා. ඇය එදෙස බලමින් මෝටර් රිය පදවමින් ඉදිරියට ඇදෙද්දී එක් පොලිස් නිලධාරියකු අත දිගුකර වාහනය නවත්වන්නැයි අණ කළා. මොකක්ද මං කළ වරද? එලෙස සිතමින් ඇය මෝටර් රිය නතර කළා.

පොලිස් නිලධාරීන් පිරිස වාහනය අසලට පැමිණියා. ජෙනිෆර් තම වාහනයෙන් බැස්සේ තරමක චකිතයකින්. ඒත් එක පොලිස් නිලධාරියකු ජෙනිෆර් සමඟ හොඳින් සිනාසුණු නිසා ඇගේ බිය තරමක් තුනී වුණා.

ඔහු ජෙනිෆර් සමීපයට පැමිණ, තම ජංගම දුරකථනය පෙන්වා, අපිත් එක්ක සෙල්ෆී එකක් ගනිමුදැයි ඇගෙන් ඇසුවා.

සෙසු පොලිස් නිලධාරීන් ද ඇය වටා රොක් වුණා. ජෙනිෆර්ගේ සිත තුළ තිබුණු බිය සැක තුරන්ව ගියා. ඇය ඔවුන්ගේ ඉල්ලීමට එකඟ වෙමින් ඔවුන් සමඟ සෙල්ෆී ඡායාරූපයකට පෙනී සිටියේ පුළුල් සිනහවක් පාමින්.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »