Home / හොලිවුඩ් ගොසිප් / මාරියාගේ දවස් තුනේ සුපිරි මඟුල

මාරියාගේ දවස් තුනේ සුපිරි මඟුල

2016-02-26 09:27:00       708
feature-top
දවස් තුනක් තිස්සේ මඟුල් කන්න ගායන ලොවේ දිදුලන තරුවක් කල්යල් බලමින් සිටිනවා. මේ ගායිකාව තමයි, මාරියා කැරේ. ඇය තම ජීවිතයේ තුන්වැනි වතාවටයි මනාලියක් වන්නට පෙරුම් පුරන්නේ. 1993 - 98 අතර කාලයේදී ටොමී මොටොලා නම්වූ ගීත තැටි නිෂ්පාදන සමාගම් අයිතිකරුවා සමඟ යුග දිවිය ගෙවූ මාරියා, 2008 දී නික් කැනන් නම්වූ නළුවාගේ බිරිය වූවා.

දැන් ඇගේ අත ගන්නට පෙරුම් පුරන්නේ ලොව පුරා ප්‍රකට වූ කෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර්. ඔහුට මාරියාව මුණ ගැසුණේ ගිය වසරේදියි. මාරියාට, ජේම්ස් ගෙන් ඉතා වටිනා (ඩොලර් මිලියන 5.7ක් වූ) රන් මුදුවක් පසුගිය ජනවාරි මාසයේදී තෑගි කෙරුණා.

මේ වන විට දෙදෙනාගේ බලාපොරොත්තුව ළඟදීම විවාහ වීමටයි. විවාහ මංගල්‍යය දින තුනක්ම පවත්වන්නටයි, ජේම්ස් සහ මාරියා තීරණය කර ඇත්තේ. පළමු දින මංගල උත්සවය පවත්වන්නේ ඔස්ට්‍රේලියාවේ. මේ සඳහා නව යුවළ පෞද්ගලික ගුවන් යානයකින් එරටට පැමිණෙනවා.

දෙවැනි උත්සවය ඇමෙරිකාවේ ඩිස්නිලන්තයේදී පැවැත්වෙනවා. මේ උත්සවයේදී ගී ගැයීමට එල්ටන් ජෝන්, බියොන්සෙ වැනි සුපිරි ගායක ගායිකාවන්ට ඇරයුම් කරන්නටත් මාරියා බලාපොරොත්තු වෙනවා. තුන්වැනි උත්සවය පවත්වන්නේ ලාස් වේගාස් නුවරදීයි.

එහෙත් මාරියා තවමත් නික්ගෙන් නීති ප්‍රකාරව වෙන්වී නැහැ. ජේම්ස් ද තම බිරියගෙන් වෙන්වීමට කටයුතු කරමින් සිටිනවාලු.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »