Home / හොලිවුඩ් ගොසිප් / හැරී පොටර් සිහින චාරිකාවක

හැරී පොටර් සිහින චාරිකාවක

2016-02-24 10:42:00       701
feature-top
ඩැනියෙල් රැඩ්ක්ලිෆ් හෙවත් හැරී පොටර් චිත්‍රපට මාලාවේ හැරී පොටර්ට රඟපෑ රංගන ශිල්පියා ගැනයි මීළඟ ප්‍රවෘත්තිය. මේ වනවිට 26 වන වියේ පසුවන ඩැනියෙල් පළමුවරට රංගනයට එක්වූයේ වයස 10 දී ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කතා මාලාවකට දායක වෙමින්. මේ දිනවල ඔහු ජංගල් නම් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් ඇති බවයි ආරංචි. ජංගල් චිත්‍රපටය වුල්ෆ් ක්‍රීක් නම් චිත්‍රපටයේ අධ්‍යක්ෂක ග්‍රෙග් මැක්ලීන් ගේ නිර්මාණයක්.

ජස්ටින් මොන්ගෝ රචනා කර ඇති ජංගල් චිත්‍රපටය ජාත්‍යන්තරව ජනප්‍රියත්වයට පත් යෝසී ඝින්ස්බර්ග් නම් නවකතා රචකයාගේ ජංගල් නම් නවකතාව ආශ්‍රයෙන් ලියන ලද්දක් බවයි ආරංචි. සංචාරකයින් සතර දෙනෙක් ඇමේසන් වනාන්තරයේ අරඹන සිය සිහින චාරිකාව භයානක සිහිනයක් වන සැටි මෙම චිත්‍රපටයේ දැක්වෙන බවයි කියවෙන්නේ.

Wmqgd .ekSu irih mqj;a m; weiqfrks

More News »