Home / හොලිවුඩ් ගොසිප් / සාමාන්‍යයෙන් අසාමාන්‍ය ලිලි

සාමාන්‍යයෙන් අසාමාන්‍ය ලිලි

2016-02-23 09:44:00       705
feature-top
ජනප්‍රිය නිළියක වන ලිලි ජේම්ස් නිතරම තමන්ගේ කේශ කලාපය පිළිබඳව දැඩි අවධානයකින් පසුවෙනවා. මේ උනන්දුව නිසා ඇය වෙනත් සුපිරි නිළියන්ට වඩා කැපී පෙනෙන්නට පටන්ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ලිලි පසුගියදාක කියා සිටියේ තමන් වඩාත්ම කැමැති මොරොක්කොවේ නිපදවන තෙල් වර්ගයක් හිස කෙස්වල ආලේප කරන්න ය කියලයි. මොරොක්කොවෙ තෙල්වලට වැඩියෙන්ම කැමැති හේතුව තමයි, ඒවා වියළි ගති ඇති මගේ හිස කෙස්වලට හොඳින්ම ගැළපෙන නිසා. ඒවා හිසකෙස්වල ගල්වලා විනාඩි 10කින් විතර වේළෙනවා. මෙහෙම කියන ලිලි, තම කෙස් කලඹ වර්ණ ගැන්වීමත් කරනවා.

බිලියන වාරයක් පමණ මේ වන විට කෙස් කළඹ වර්ණ ගන්වා ඇතැයි ද ඇය කියනවා.

හිස් කෙස් අවුල් හැරීමට නිතරම තමන් අත පනාවක් තිබෙන බවත් ඇය එය පෙන්වමින් කියනවා.

ඒ විතරක් නෙමෙයි, මගේ හෑන්ඩ් බෑග් එකේ නිතරම සෙරෙප්පු කුට්ටමකුත් තියෙනවා. ඒ මොකද, මගෙ දෙපාවලට නිතරම දාඩිය දැමීම මඟහරවා ගන්න හීල්ස් දාගෙන ටික වෙලාවක් යනකොට දෙපාවලට දාඩිය දානවා. ඉතින් මම කරන්නෙ ඒවා ගලවලා සෙරෙප්පු දාගෙන යන එකයි.

ලිලි, අසාමාන්‍ය පුරුදු ඇති නිළියක් වගෙයි නේද?


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »