Home / හොලිවුඩ් ගොසිප් / ස්ටැලෝන් ඔස්කා වර්ජනයක?

ස්ටැලෝන් ඔස්කා වර්ජනයක?

2016-02-20 09:50:00       845
feature-top
ලොව සුපතළ දැවැන්ත සිනමා උලෙළක් වන ඔස්කා සම්මාන රාත්‍රිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 28 දා. මේ ගැන නොයෙකුත් මත සහ අනාවැකි පළවෙද්දී හොලිවුඩ් සිනමාවේ දැවැන්තයකු එම උලෙළ වර්ජනය කිරීමට සැරසෙනවා. ඔහු තමයි, සුපිරි නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්. කෙසේ වෙතත්, චිත්‍රපට අධ්‍යක්ෂ රයන් කූග්ලර්, ස්ටැලෝන්ගේ වර්ජනය වැළැක්වීමට උත්සාහ දරමින් සිටින බවයි හොලිවුඩයෙන් දැනගන්නට ලැබුණේ.

මෙවර පැවැත්වෙන ඔස්කා සම්මාන උලෙළේදී හොඳම සහාය නළුවා වෙනුවෙන් පිදෙන සම්මානයට ස්ටැලෝන්ගේ නම ද නිර්දේශ වී තිබෙනවා. මෙයට පෙර පැවැති ඔස්කා සම්මාන උලෙළවලදී ද ඇතැම් ජනප්‍රිය නළු නිළියන් එම උලෙළ වර්ජනය කළේ මෙවැනි ආකාරයේ නිර්දේශයන් සිදුවීම නිසා යැයි සමහරු පවසනවා. (තමන් සහාය නළුවෙකු ලෙස සම්මානයක් දිනා ගැනීමට ස්ටැලෝන් අකැමැති ඇති.)

ස්ටැලෝන් එවැනි නිර්දේශයකට ඇතුළත් වුණේ ඔහු, ක්‍රීඩ් නම්වූ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන්. එය අධ්‍යක්ෂණය කළේ රයන් කූග්ලර්. මේ චිත්‍රපටයේ මයිකල් බී. ජෝඩන් ඉදිරිපත් කළ රංගනයට කාගේත් ප්‍රශංසාව හිමි වුවත් ඔහු, මෙවර ඔස්කා උලෙළේ කිසිදු අංශයක නිර්දේශයකට ඇතුළත් වී නැහැ.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »