Home / හොලිවුඩ් ගොසිප් / චිත්‍ර ‍පොතක් වගේ පේන ජොලීගේ ශරීර කූඩුව

චිත්‍ර ‍පොතක් වගේ පේන ජොලීගේ ශරීර කූඩුව

2016-02-19 09:44:00       1046
feature-top
ඇන්ජලීනා ජොලී ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වන්නේ හොලිවුඩ් නිළියක් ලෙසයි.  කලකට පසුව නැවතත් ජොලී කරළියට එන්නේ අලුත් පච්චා විලාසිතා කිහිපයක් නිසා. සිය නව යොවුන් වියේ සිටම පච්චා විලාසිතා ඇලුම් කළ ඇන්ජලීනා ජොලීගේ සිරුරේ ඇති ඇතැම් පච්චා නම් ඇගේ රසිකයන්ට අලුත් දෙයක් ‍නෙවෙයි. නමුත් පසුගියදා ඇය සිය පිට ප්‍රදේශයේ සිත්තම් කළ අලුත් පච්චා කීපයක් හොලිවුඩ් රසික රසිකාවියන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා. ඇය මේ අලුත් පච්චා 3 පිට ප්‍රදේශයට එක්කරගෙන ඇත්තේ පිටෙහි මතෛක් තිබූ පච්චා දෙකට අමතරවයි.

ජොලී මෙවර නිර්මාණය කරවා ගත් පච්චා තරමක ඓතිහාසික හා ආගමික පෙනුමක් ඇති සංකේතවලින් යුතු බව දැකිය හැකිය. මීට පෙරත් ඇය මෙවැනි ආගමික සංකේත පදනම් කරගත් පච්චා කිහිපයක් නිර්මාණය කරවාගෙනද තිබුණා.

ඇන්ජලීනා ජොලීගේ සිරුරේ අපට දැකිය හැකි අයුරින් නිර්මාණය කර ඇති පච්චා පිළිබඳ ලැයිස්තුවක් පහත දැක්වෙනවා.

Know Your Right පච්චය
ඇයගේ පිට ප්‍රදේශයේ ගෙලට පහළින් සටහන් කර ඇති මේ වචන පේළිය ඇගේ ප්‍රියතම ගීයේ පද පෙළක් බව පැවසෙනවා.

බෞද්ධ පාලි වැකියක්
ජොලීගේ වම් උරහිසේ සටහන්ව ඇත්තේ බෞද්ධ පාලි ගාථාවක් බව කියැවෙනවා.

අරාබි අක්ෂර
ඇයගේ දකුණු උරහිසේ සිත්තම් කර ඇත්තේ අරාබි අක්ෂරයි. එයින් අදහස් වන්නේ අධිෂ්ඨානය යන්නයි.Jolie (6)

රෝම ඉලක්කම් අංක 13
ජොලී සිය වම් බාහුවේ යට පැත්තේ රෝම ඉලක්කමින් අංක 13 සංකේතවත් වන MCMXL යන්න සටහන් කර තිබෙනවා.

ටෙනිසි විලියම්ස්ගේ ප්‍රකාශයක්
වම් බාහුවේ ඉහළින් ඇන්ජලීනා සටහන් කර ඇත්තේ ටෙනිසි විලියම්ස්ගේ ප්‍රකට ප්‍රකාශයක් වන ඒ A Prayer for the wild at heart, kept in cages යන්නයි.

කුරුස සලකුණක්
ඇගේ උදරයේ කුරුස සලකුණක් පච්චයක් ලෙස නිර්මාණය කර ඇත්තේ කුඩා මකර රුවක් සමගයි. එය ආසන්නයේ ලතින් ආප්තයක් ද සඳහන්ව තිබෙනවා.

වාසනාව සංකේතවත් වන අකුරු සටහනක්
ඇන්ජලීනා සිය අතේ මැණික් කටුව මත වාසනාව සංකේතවත් වන අක්ෂර රටාවකින් ඩ් අක්ෂරය නිර්මාණය කරගෙන තිබෙනවා. එය ඇයගේ හිටපු පෙම්වතා වන ටිමොති හටන් හෝ සහෝදරයා වන ජේම්ස් හෙවටි සිහිපත් කිරීමට නිර්මාණය කරන්නට ඇතැයි ඇතැමෙක් මත පළ කරනවා.

ඉලක්කන් සහිත පච්චය
ජොලීගේ එක් බාහුවක සටහන්ව ඇත්තේ ඉලක්කන් කිහිපයකි.

කොටියකුගේ රූපය
ජොලී සිය තුනටිය ප්‍රදේශයේ අඟල් 12 ක වපසරියක් තුළ කොටි රුවක් නිර්මාණය කරවාගෙන තිබෙන්නේ 2004 වසරේදී බැංකොක් සංචාරයේ යෙදෙන අතරතුරයි

රේඛා සටහන් සහිත පච්චය
තම දකුණු බාහුවේ ඇති විවිධ අතට ඇඳි රේඛා සහිත පච්චය ඇය විසින්ම සිදුකරගත්තක් බව පැවසෙනවා.

ජපන් සංකේත
ජොලීගේ වම් උරහිසේ සටහන්ව ඇත්තේ ජපානයේ මරණය සංකේවතවත් කිරීමට යොදා ගන්නා සලකුණයි

ආසියානු රේඛා සලකුණු
දකුණු ආසියානු කලාපයේ භාවිත වන රේඛා චිත්‍ර සම්ප්‍රදායක් ඇසුරින් ඇඳි සත්ත්ව හැඩතල කිහිපයක්ද ජොලීගේ වම් බාහුවේ යට පැත්තේ තිබෙනවා.

පුරාණ බෞද්ධ සංකේත
සුලියක් ආකාරයෙන් යුතු බෞද්ධ සලකුණක් සේම ආගමික වැකියක්ද ඇගේ පිට ප්‍රදේශයේ සටහන් වී තිබෙනවා.

රංගනය නැත්නම් වෙනත් කවර හෝ ක්‍රමයකින් ජනතාව අතර කතාබහට ලක්වීම හොලිවුඩ්, බොලිවුඩ් පමණක් නොව ඕනෑම රටක රංගන ශිල්පීන්ගේත්, ශිල්පිනියන්ගේත් ලක්ෂණයක් බව නම් පැහැදිලි වෙනවා.


Wmqgd .ekSu r mqj;am; weiqfrks

More News »