Home / හොලිවුඩ් ගොසිප් / සින්ඩි නිරූපණ කලාවේ ඉදිරියටම

සින්ඩි නිරූපණ කලාවේ ඉදිරියටම

2016-02-18 10:13:00       1045
feature-top
ලොව පුරා විසිරී පැතිරී ගිය ප්‍රමුඛ පෙළේ වෙළෙඳ දැන්වීම් රැසක් වෙතට බොහෝ දෙනකුගේ ඇස් යොමුවුණේ ඇගේ රුව සිතුවම් වී තිබුණු නිසයි. නිරූපණ කලාවේ සුපිරි නමක් හිමි කර ගත් ඇය තමයි, සින්ඩි ක්‍රෝෆෝඩ්. '80 සහ 90' දශකවලදී ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කර ගත් සින්ඩි ක්‍රෝෆෝඩ් ගේ නිරූපණ කලා දිවියට වසර 34 ක් ගතවෙලා. පෙබරවාරි 20 දාට ඇගේ වයස අවුරුදු 50 ක්.

පසුගියදා ඇ‍ෙමරිකානු සඟරාවක් ප්‍රකාශ කර තිබුණේ වයස අවුරුදු 50 පිරුණු පසුව තමන් නිරූපණ කලාවෙන් සමුගන්නා බව සින්ඩි ප්‍රකාශ කළ බවයි. මම වෙන මොනව කරන්නද? මට මාව නැවත නිර්මාණය කරන්න බැහැ. මට එහෙම කරන්න අවශ්‍යතාවක් නැහැ. සින්ඩි එලෙස ප්‍රකාශ කළ බවද එම සඟරාව සඳහන් කර තිබුණා.

නමුත් එම ප්‍රකාශය පළවී දිනක් ගතවීමෙන් පසුව මේ සුපිරි නිරූපිකාව අවධාරණය කළේ තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවයි. නිරූපණ කලාවෙන් ඉවත් වීමට තවම තීරණය කර නැතැයි ද ඇය පැවසුවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »