Home / හොලිවුඩ් ගොසිප් / එලී සීත හිමේ එරී....

එලී සීත හිමේ එරී....

2016-02-16 10:40:00       1045
feature-top
බටහිර ගීත ප්‍රිය කරන රසික පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට පත්වී තිබෙන 'ලව් මී ලයික් යූ ඩූ' ගීතය ගයන්නේ යොවුන් ගායිකා එලී ගෝල්ඩ්ඉන් මේ වන විට 29 වැනි වියෙහි පසුවන ඇය ගී ලොවට එක්වුණේ 2009 දීයි. එලී ගැයූ මුල්ම ගීතය 'අන්ඩර් ද ෂීට්ස්'... මේ වන විට යොවුන් තුඩග රැව්දෙන 'ලව් මී ලයික් යූ ඩූ' ගීතය 2015 දෙසැම්බර් මාසයේදී පැවැත්වුණු ග්‍රැමී සම්මාන උලෙළේ දී හොඳම ඒකල ගායනයට හිමිවන සම්මානයට නිර්දේශ වුණා.

පසුගියදා නෝර්වේ සංචාරයකට එක්වූ මේ යෞවන ගායිකාවට අමතක නොවන අත්දැකීමකට මුහුණ දුන්නා. ඒ රටේදී ඇය සහ ඇගේ මිතුරකු වන ඡායාරූප ශිල්පී කොනර් මැක්ඩොනල්ඩ් හිම මිදුණු මාර්ගයක ගමන් කරද්දී හදිසියේ ම හිම තුළ එරී තිබෙනවා. එලී පවසන්නේ හිම තට්ටුව තමන් සහ මිතුරාගේ සිරුරුවලින් අඩක් ම වසා ගත් බවයි. ඒ මොහොතේදී ඇයට දකින්න ලැබුණේ තම මිතුරු ඡායාරූප ශිල්පියා තමන්ටත් වඩා අනතුරක සිටින බවයි. එවිටම ක්ෂණයකින් ක්‍රියාත්මක වූ ඇය, ඔහුව බේරාගෙන තිබෙනවා.

එදා තමයි, මගේ ශක්තිය මම ම අවබෝධ කර ගත්තේ. එලී ආඩම්බරයෙන් කියා සිටියා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »