Home / හොලිවුඩ් ගොසිප් / හොලිවුඩයේ සුපිරි නිළියකගේ මාතෘත්වය

හොලිවුඩයේ සුපිරි නිළියකගේ මාතෘත්වය

2016-02-15 10:35:00       1027
feature-top
කාලයක් හොලිවුඩ් සිනමාවේ අග රැජන වෙලා හිටපු ඇන්ජලිනා ලෝකයේ ලස්සනම කාන්තාව කියන විරුදාවලිය අවුරුදු තුනක් විතර රැකගෙන හිටියා. මේ වෙද්දි ඇන්ජලිනාගේ වයස අවුරුදු 40ක්. නමුත් අද වෙද්දිත් හොලිවුඩ් සිනමාවේ වැඩිම මිලක් අය කරන නිළියන් අතර ඇය ඉදිරියෙන්ම පසුවෙනවා.

හදාගත්ත දරුවො හතරයි
ඇන්ජිලිනා හය දරු මවක්. දරුවන් හයදෙනාගෙන් හතරදෙනකුම ඇය රටවල් හතරකින් හදාවඩා ගන්න ගත් අය. පළමුවැනි කෙනා පිරිමි දරුවෙක්. නම මැඩොක්ස් එවා ජොලි පිට්. එයාගෙ වයස අවුරුදු 14යි. එයා කාම්බෝජියානු ජාතික දරුවෙක්. දෙවැනියා පැක්ස් තියන් ජොලී පිට්. වයස අවුරුදු 11යි. වියට්නාම ජාතික පිරිමි දරුවෙක්. තුන්වැන්නා සාරා මාලේ ජොලි පිට්. අවුරුදු 10ක ඉතියෝපියානු ජාතික දැරියක්. ෂිලෝ නෝවල් ජොලි පිට් කියන්නේ අවුරුදු නවයක නැමීබියානු ජාතික පිරිමි දරුවෙක්. මේ හතරදෙනා හැරුණාම ඇන්ජලිනාට නිවුන් දරුවන් දෙදෙනකු ඉන්නවා. ඒ දෙන්නා ඇන්ජලිනාගේ සහ බ්‍රැඩ් පිට්ගේ දරුවන්. ඒ තමයි නොක්ස් ලියොන් ජොලි පිට් සහ විවියන් මාෂෙලින් ජොලි පිට්. මේ දෙදෙනාගේ වයස අවුරුදු 7යි. අරන් හදාගත්ත දරුවො හතරදෙනාම විපතට පත් පවුල්වල දරුවන් වීම විශේෂත්වයකි.


කාගෙවත් උදවු නැහැ
දරුවන් හයදෙනාගෙ වැඩ කරන්න ඇන්ජලිනාට එක් මෙහෙකාරියකගේ උදවු ලැබෙනවා. හැබැයි ඇන්ජලිනා දීර්ඝ සංචාරවල නිරත වෙන දවස්වල තවත් දෙදෙනෙක් දරුවන්ගේ වැඩවලට යොදවන්න ඇය අමතක කරන්නෙ නැහැ. ඇය ගෙදර ඉන්න දවස්වලට දරුවන්ට ඕනෙ කරන කෑම හදලා දෙන්නත් ඒ අය එක්ක ෂොපින් යන්නත් ඇයට සිද්ධවෙනවා. ඇන්ජලිනා කැමැතිම දේ තමයි දරුවො හයදෙනාව ඉස්සර කරගෙන ෂොපිං යන එක. මේ වැඩේට ඇය වෙන කාගෙවත් උදවු ගන්නෙ නැහැ. දරුවො වට කරගෙන පාරෙ යද්දි ඇයට ලොකු ආඩම්බරයක් දැනෙනවා කියලා වරක් ඇය බීබීසී එකට කියලා තිබුණා. ඒ වගේම ඇන්ජලිනාගේ කාර්යබහුල ජීවිතය ගැන තාම හරිහැටි අවබෝධයක් නැත්තේ බාල නිවුන් දරු දෙදෙනාට විතරයි. නමුත් වැඩිමල් දරුවන් ඒ වගකීම භාරගෙන පුංචි නංගිටයි මල්ලිටයි අම්මා තාත්තගේ කාර්යබහුල බව ගැන අවබෝධ කරලා දෙනවා කියලා ඇය කියනවා.


අධ්‍යාපනයට මුල් තැන
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයාබැලීමේ වගකීම සම්පූර්ණයෙන්ම කරන්නෙ ඇයමයි. මේ වැඩේට බ්‍රැඩ් පිට්ගෙ උදවු ගන්න ගියොත් දරුවො ටික පාඩම් කිරිල්ල පැත්තකින් තියලා ඔහු එක්ක සල්ලමට වැටෙන නිසා ඒ වැඩේ තමන්ම කරනවා කියලා ඇය කියනවා. පාඩම් කරන වෙලාවට ඇන්ජලිනා ටිකක් වස චරිතයක් මවා ගන්නවලු. නැතිනම් පොඩි කට්ටියව මෙල්ල කරන්න අමාරුයිලු. පාඩම් කරන්න වෙන් කරලා තියෙන කාලය අවසන් වුණාම ඇය ඉස්සෙල්ලාම කරන්නෙ නපුරු විදියට හැසිරිලා දරුවන්ගෙ හිත් රිදවන්න වුණු එකට සොරි කියන එකලු. ඒ නිසාම අම්මා නපුරු විදියට හැසිරෙන්නෙ හොඳින් උගන්වන්න නිසා කියන එක ගැන දරුවන්ට අවබෝධයක් තියෙනවලු. වැඩිමල් දරුවො හතරදෙනා මේ නිසාම ඉතාම හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න උනන්දු වෙනවා කියලා ඇය කියන්නෙ බොහොම ආඩම්බරයෙන්.
ඇන්ජලීනා තමන්ගේ දරුවො ගැන මාධ්‍යයට අදහස් දක්වලා තිබෙන්නේ මෙන්න මේ විදියටයි.


මම හැම තිස්සෙම මගෙ දරුවන්ට උගන්වන්නෙ අනිත් අයට ගරු කරන විදියයි අනිත් අය එක්ක සුහදව මිත්‍රත්වයෙන් ඉන්න විදියයි ගැන. මුළු ලෝකෙම ඉන්නෙ මිනිස්සු. ඒ හැමෝම තමන්ගෙ ගෙදර ඉන්න අය වගේ කියලා හිතන්න පුරුදු වෙන්න ඕනෙ. මට ඉන්නෙත් ලෝකෙ වටේ ඉඳන් ආපු දරුවො. ඒ නිසා එයාලා හැම ජාතියකටම ආදරය කරන්න පුරුදු වේවි.


මම කැමරාව ඉදිරියේදි සරාගී කාන්තාවක්. ඒ හැම වෙලාවෙම මට මගේ දරුවො මතක් වෙනවා. නමුත් ගෙදරදි මගේ දරුවන් ඉදිරියේදි මම සරාගී කාන්තාවක් නෙවෙයි. පොත් පාඩම් කරවන, කතන්දර කියලා දෙන, එයාලා එක්ක සෙල්ලම් කරන, රස කෑම හදලා දෙන සාමාන්‍ය ගැහැනියක්. හැබැයි ඒගොල්ලන්ගෙ තාත්තා ඉදිරියේදීත් මම සරාගී කාන්තාවක්.


බ්‍රැඩ් නිසා මට ස්වාමිපුරුෂයෙක් නෙවෙයි පවුලක්ම ලැබුණා. ඔහු මට ජීවත් වෙන විදිය කියලා දුන්නා. ඔහු මගේ ආදරය විතරක් නෙවෙයි ඔහු තමයි මගේ මුළු ජීවිතයම.
ගොඩක් රාත්‍රින්වලට කවුරුහරි අපේ කාමරේ ‍ෙදාරට තට්ටු කරනවා. එතකොට මම දැන ගන්නවා හයදෙනාගෙන් එක්කෙනකුට අම්මගෙයි තාත්තගෙයි මැද්දෙන් ඉඩක් ඕනෙවෙලා තියෙනවා කියලා.


මම උදේට එයාලව ඉස්කෝලෙට දාලා සෙට් එකට යනවා. ඒගොල්ලො හවසට මාව බලන්න සෙට් එකට එනවා. ඊට පස්සෙ අපි ගෙදර එනවා. එකට රෑ කෑම ගන්නවා. උදේට එකට කෑම ගන්නවා. මම ගලක් වගේ කාන්තාවක්. නමුත් මගේ මුළු පවුලම නිසා මම බොහොම සැහැල්ලු වෙලා ඉන්නවා. මම බොහොම වාසනාවන්ත කෙනෙක්.
මම වැඩි වාර ගණන් කියන වාක්‍යයක් තියෙනවා. ඒ තමයි "ඉක්මනට ඉස්කෝලෙ වැඩ ඉවර කරන්න. අපිට එක එක දේවල් බලන්න එළියට යන්න තියෙනවා" එයාලා ඉක්මනට වැඩ ඉවර කළාම මම එයාලා එක්ක කෞතුකාගාරය බලන්න යනවා. ගිහින් මොකක් හරි දෙයක් ගැන අලුත් කතාවක් කියලා දෙනවා.
මට දරුවන් සංඛ්‍යාව තවත් වැඩි කරන්න ඕනෙ නැහැ. එහෙම වුණොත් එක් එක්කෙනාට වැය කරන්න කාලය අඩු වෙනවා. දැන් අපි හොඳින් කාලය කළමනාකරණය කරගෙන වැඩ කරනවා. අපි අටදෙනා සම්පූර්ණ පවුලක්.


දරුවො වට කරගෙන ඉන්න එක පුදුම සතුටක්. ඒගොල්ලො මගේ පස්සෙන් එන්නෙ හරියට නැවේ අවරය වගේ. ඒක තමයි මම ලෝකෙ තියෙන කැමැතිම දේ.
මගේ ජීවිතයේ මධ්‍ය ලක්ෂ්‍ය තමයි මගේ දරුවන්. මම හැමදාම පාන්දර 3ට නැඟිටලා දරුවන් එක්ක ඇවිදින්න යනවා. පැය කීපයකින් අපි ආපසු ඇවිත් ඒ අය ඉස්කෝලෙ යන්න සූදානම් වෙද්දි මම ෂූටිං යන්න සූදානම් වෙනවා. ඒගොල්ලො නිසා හරිම ලස්සන ජීවිතයක් මට ලැබිලා තියෙනවා.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »