Home / හොලිවුඩ් ගොසිප් / ලින්ඩ්සේට කවුදෝ පහර දීලා

ලින්ඩ්සේට කවුදෝ පහර දීලා

2016-02-11 08:54:00       1046
feature-top
ලින්ඩ්සේ ලෝහන් පසුගියදා තම ට්විටර් පිටුවෙහි පළ කර තිබුණු ඡායාරූපයක් කාටත් විස්මය ගෙන දුන්නා. හොලිවුඩ් සිනමාවේ ජය කෙහෙළි නංවන ඇය වැනි නිළියක් තමන්ගේ පාදයක තුවාලයක් වූ ස්ථානයක් එලෙස පළ කර තිබුණේ ඇයිදැයි කාටත් ප්‍රශ්නයක් වෙලා.

ඡායාරූපය විතරක් නොවෙයි, ඒ සමඟම ඇය මෙවැනි සටහනක් ද යොදා තිබුණා... වැරැදි පුද්ගලයකු ඇසුරු කරන්න එපා. ඔබ, ඔබටම අවංක වෙන්න. කිසිම මිනිසකුට ඔබට පහර දෙන්න ඉඩ තබන්න එපා...

මේ ඡායාරූපයත්, සටහනත් දුටු රසික රසිකාවන් විශාල ගණනක් එයට නානාප්‍රකාර අදහස් එවන්නට පටන් ගත්තා. ඒ නිසා ඡායාරූපයත්, සටහනත් ඉවත් කරගන්නට ලින්ඩ්සේට සිදුවුණා. මේ ඡායාරූපය සහ සටහන ගැන අදහස් දැක්වූ ඇතැම් අය කීවේ ලින්ඩ්සේ කිසියම් පුද්ගලයකුට එරෙහිව මෙවැන්නක් සිදුකර ඇති බවයි. ඇයට කිසිවකු හිංසා කර ඇතැයි ඔවුන් අනුමාන කරනවා.

පසුගිය ජූනි මාසයේ සිට ලින්ඩ්සේ සමීපව ඇසුරු කළේ ඉතාලියේ ව්‍යාපාරිකයකු වන මාතියා මිලාන් නමැත්තායි. මෑතකදී ඇය, තම අතෙහි පැලඳි මුදුවක් මාධ්‍යයන් වෙත නිරාවරණය කළ බව ද මෙහිදී සිහිපත් වෙනවා. නමුත් ඇගේ සමීප මිතුරු මිතුරියන් කීවේ එය අන් අය රැවටීම සඳහා පැලඳි මුදුවක් බවයි.

කොහොම වෙතත් ලින්ඩ්සේට හිරිහැර කළේ කවුරුන්දැයි ඇය තවම හෙළි කර නැහැ.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »