Home / හොලිවුඩ් ගොසිප් / සෙලින්ගේ කඳුළු අතරින් තුති මල්

සෙලින්ගේ කඳුළු අතරින් තුති මල්

2016-02-09 09:56:00       1046
feature-top
ජනප්‍රිය ගායිකා සෙලින් ඩියොන් සති කිහිපයකට පසුව අන්තර් ජාලය ඔස්සේ හිතවත් අය සහ රසික පිරිස අමතා තිබුණා. ඒ, ඔවුන් සියලුම දෙනාට ස්තුතියක් පුද කරන්නටයි.

තමන්ගේ ආදරණීය සැමියා සහ සහෝදරයා වෙනුවෙන් ශෝකය පළ කළ සියල්ලන්ටමයි ඇය ස්තුති කර තිබුණේ. සෙලින් ඩියොන්ගේ සැමියා වන රෙනී සහ සොහොයුරු ඩැනියල් පසුගිය දා සදහටම දෙනෙත් පියා ගත්තා.

ඔවුන් දෙදෙනාම මෙලොවින් සමුගත්තේ පිළිකා රෝගය වැලඳීමෙන්. මුලින්ම වියෝ වුණේ සෙලින්ගේ සැමියායි. එම අභාවයෙන් දින කිහිපයකට පසුව සහෝදරයා ද දෙනෙත් පියා ගත්තා.

පහුගිය දවස් කීපය තුළ මටත් මගේ පවුලේ අයටත් හුඟ දෙනකුගේ සහයෝගය ලැබුණා. ගතවුණු ඒ දුක්බර දවස්වලදී ඔබ හැමගෙන් ලැබුණු සහාය අපට දිරියක්, ශක්තියක් ගෙන දුන්නා. ඒ වෙනුවෙන් ඔබ සියලුම දෙනාට මම හද පතුලෙන්ම ස්තුති කරනවා.

සෙලින් ඩියොන් ට්විටර් පිටුව ඔස්සේ එලෙස ස්තුති කළා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »