Home / හොලිවුඩ් ගොසිප් / මාක් නැතිවූ බඩු හොයා ගත් හැටි

මාක් නැතිවූ බඩු හොයා ගත් හැටි

2016-02-08 10:53:00       1046
feature-top
ට්විටර් වෙබ් පිටුවකින් නිතරම සිදුවන්නේ අදහස් හුවමාරු වීමක් පමණක් යැයි බොහෝ දෙනකු හිතනවා. දැන් එහෙම හිතන්න බැහැ. ට්විටර් පිටුවකින් නැතිවූ දෙයක් හොයා ගන්නත් පුළුවනි. මෑතකදී ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී එහෙම දෙයක් සිදුවුණා.

සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු මාක් රෆ්ෆාලෝ තමයි මේ අත්දැකීම ලැබුවේ.

පසුගිය දා ඔහුගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය නිව්යෝක් නුවර දී අස්ථාන ගත වුණා. සිදුවුණේ කුමක්දැයි ඔහුට නිනව්වක් තිබුණෙ නැහැ. සෑම තැනම සොයා බැලුවත් එය ලැබුණේ නැහැ.

අන්තිමේදී මාක්, තම ට්විටර් පිටුවෙහි මේ ගැන සටහනක් තැබුවා. තමන්ගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය නැතිවී ඇතැයි ඔහු එහි සටහන් කළා. මාක්ට සිතා ගැනීමටත් නොහැකි අන්දමේ ප්‍රතිචාරයක් විනාඩි කිහිපයකින් එයට ලැබී තිබුණා.

නිව්යෝක් නුවර සිටින යුවතියන් දෙදෙනකු එවා තිබූ එහි සටහන් වුණේ නැතිවූ මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය තිබෙන බවයි.

මාක්ට දැඩි සතුටක් දැනුණා. ඉක්මනින්ම ඒ යුවතියන් දෙදෙනා හමුවූ ඔහු, නැතිවූ දේවල් ඔවුන්ගෙන් ලබාගත්තේ අනේක වාරයක් ස්තුති කරමින්.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »