Home / හොලිවුඩ් ගොසිප් / සෙයින් අයින් වෙන්න හිටියේ කලින්මලු

සෙයින් අයින් වෙන්න හිටියේ කලින්මලු

2016-02-06 11:53:00       1045
feature-top
යොවුන් පරපුර උන්මාදයට පත් කළ 'වන් ඩිරෙක්ෂන්' ගායක කණ්ඩායමෙන් වෙන්වී ගිය ජනප්‍රිය ගායක සෙයින් මලික් පසුගිය දා ඇමෙරිකානු ගුවන් විදුලි චැනලයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වුණා. 'වන් ඩිරෙක්ෂන්' කණ්ඩායමෙන් ඉවත්ව ගිය පසුව ඔහු සහභාගිවූ මුල්ම වැඩසටහන එයයි.

වන් ඩිරෙක්ෂන් කණ්ඩායම පටන්ගෙන ටික කාලයකින්ම මට ඕනැ වුණා, එයින් ඉවත් වෙන්න. මට තේරුණා, මේ කණ්ඩායම මට නොගැළපෙන බව. ඒත් මුලදී මම ඒ ගැන මොනවත් කිව්වෙ නැහැ. දිගටම වැඩ කරගෙන යන්න ඉඩ දුන්නා.

ටික කාලයක් ගත වෙද්දි 'වන් ඩිරෙක්ෂන්' ගැන මගේ හිතේ විවේචනයක් ඇති වෙන කොට මම එයින් ඉවත් වුණා. 'වන් ඩිරෙක්ෂන්' කණ්ඩායමේ හැම කෙනෙක්ම මගේ හැටි දන්නවා. මම ඒ අයට වඩා වෙනස් බවත් දන්නවා. සෙයින් මලික්, සම්මුඛ සාකච්ඡාවේදී එලෙස කීවා.

එම වැඩ සටහනේදීම ඔහු පැවසුවේ තව ටික කලකින් 'වන් ඩිරෙක්ෂන්'ලා ගී ගායනයට එක්වනු ඇති බවයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »