Home / හොලිවුඩ් ගොසිප් / නික් කාටර් 'බෝතලයක්' නිසා අලකලංචියක

නික් කාටර් 'බෝතලයක්' නිසා අලකලංචියක

2016-02-05 10:24:00       1027
feature-top
'බැක්ස්ට්‍රීට් බෝයිස්' ගායක කණ්ඩායමේ ප්‍රකට ගායන ශිල්පියකු වන නික් කාටර් සහ ඔහුගේ මිතුරකු වන මිචයිල් පපායන්ස් පසුගිය දා පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ, ෆලොරිඩා ප්‍රාන්තයේ කී වෙස්ට් ප්‍රදේශයේ පිහිටි අවන්හලකදීයි. නික් සහ මිචයිල් එම අවන්හලෙහි ආරක්ෂක

නිලධාරියකු අතර වූ ගැටුමක් හේතුවෙන් එලෙස අත්අඩංගුවට පත්වූ බවයි ආරංචි.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු නික් සහ මිචයිල්ව ඇප මත නිදහස් කෙරුණා මාධ්‍යවේදීන් කිහිප දෙනකු මේ පිළිබඳව නික් ගෙන් විමසූ විට ඔහු මෙලෙස උත්තර දුන්නා... ''විවේකයක් ලැබුණු නිසා මම තවත් යාළුවෙකුත් එක්ක කී වෙස්ට්වල ඇවිදින්න ගියා, ටිකක් සතුටු වෙන්න සිද්ධ වුණේ මොකක්ද කියල ළඟදීම හෙළි වේවි.''

ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කර තිබුණේ මේ දෙමිතුරන් අවන්හලෙන් එළියට දමා ඇති බවයි.

එවැනි දෙයක් සිදුවී ඇත්තේ නික් සහ මිචයිල් අනවශ්‍ය අයුරින් අවන්හලෙන් මත්පැන් ලබාගන්නට උත්සාහ කරමින් කරදර කළ නිසාලු. අත්අඩංගුවට ගත් පසුව නික්, පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ අවන්හලේ අයිතිකරුවන් සමඟ කතාබහ කර මේ සිද්ධිය සමථයකට පත් කරගන්නට ඉඩ දෙන ලෙසයි. කෙසේ වෙතත් එවැන්නක් සිදුවී නැහැ.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »