Home / හොලිවුඩ් ගොසිප් / ඉක්මනින්ම 'මිසිස්' වෙන්න ඕනෙලු

ඉක්මනින්ම 'මිසිස්' වෙන්න ඕනෙලු

2016-01-28 10:01:00       1046
feature-top
ගායිකා මිලේ සයිරස් සහ ජනප්‍රිය නළු ලියම් හෙම්ස්වර්ත් ගේ ආදර කතාව ඇරැඹුණේ 2010 දීයි. ඒ, 'ද ලාස්ට් සොන්' චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙද්දීයි. එතැනදී කතාබහ කළ දෙදෙනා අතර ඇතිවුණු ප්‍රේමය පැවතුණේ අවුරුදු 3ක කාලයක් පමණයි. මීට වසර 2 කට කලින් මිලේ සහ ලියම් වෙන් වුණා.

යළිත් මේ දෙදෙනා එක්වුණු බවයි, මෑතකදී ආරංචි වුණේ. ඔවුන් විවාහ ගිවිසගෙන ඇතැයිද කසු කුසුවක් පවතිනවා. මිලේ පවසන්නේ ඇයට ඉතා ම ඉක්මනින් 'මිසිස් හෙම්ස්වර්ත්' වෙන්නට අවශ්‍ය බවයි.

ඉක්මනින් ම විවාහ විය යුතු බවත් ඇය ලියම් ට පවසා තිබෙනවා. විවාහ මංගල උත්සවය මහ ඉහළින් පැවැත්විය යුතු යැයි ද ඇය, තම සහකාරයාට සෙනෙහෙබරව පැවසුවාලු.

ලියම් සහ මිලේ ගේ සමීපතම හිතවත් පිරිස පවසන්නේ දෙදෙනා හොඳින් ම ගැළපෙන බවය.

මේ වනවිට ලියම් ගේ වයස 26 යි. මිලේ, 23 වැනි වියෙහි පසුවෙනවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »