Home / හොලිවුඩ් ගොසිප් / ස්ටැලෝන් බිරිඳට පරදියි

ස්ටැලෝන් බිරිඳට පරදියි

2016-01-27 09:53:00       1027
feature-top
හොලිවුඩ් සිනමාව තුළ අයෝමය ශක්තිය පෙන්වූ ප්‍රවීණ නළු ආනෝල්ඩ් ශ්වසනෙගර් ඇමරිකානු දේශපාලනයටත් සම්බන්ධ වුණා. රිපබ්ලිකන් පක්ෂයෙන් කැලි‍ෆෝනියා ප්‍රාන්තයට තරග කළ ඔහු, එම ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට පත්වුණා.

ශ්වසනෙගර් වැනි තවත් වීර චරිතයක් තමයි, සිල්වෙස්ටර් ස්ටැලෝන්. ඔහු තුළද දේශපාලනය කිරීමේ සිතුවිල්ලක් පහළ වෙලා. කුමන දේශපාලන පක්ෂයකින් දැයි දන්නේ නැහැ.

කොහොම වෙතත් තමන්ගේ සිත තුළ නළියන අදහස ඔහු, සිය බිරිඳට පැවසුවා. මටත් දේශපාලනය කරන්න ආසයි. මොකද ඔයා ඒ ගැන හිතන්නෙ? ඔහු තම බිරිඳ ජෙනිෆර් ෆ්ලැවින්ගෙන් ඇසුවා. ඔයාට පිස්සුද?ඇය එක්වරම ඔහුගෙන් පෙරළා ඇසුවේ නළල රැලි ගන්වමින්.

තවදුරටත් ඒ ගැන කතා කිරීමෙන් වැඩක් නොවන බව තේරුම් ගත් මේ 'වීරයා' බිරිය ඉදිරියේ පරාජයට පත්වූවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »