Home / හොලිවුඩ් ගොසිප් / ඔස්කා සම්මානයත් ලැබෙයි ද?

ඔස්කා සම්මානයත් ලැබෙයි ද?

2016-01-26 10:39:00       1027
feature-top
පසුගියදා පැවැති ගෝල්ඩන් ග්ලෝබ් සිනමා සම්මාන උළෙලේ දී හොඳම නිළිය ලෙස කිරුළු පැළඳූ රුවැති යෞවනිය ගැන මුළු ලොවේ ම අවධානය යොමු වෙලා. ඇය තමයි, බ්‍රී ලාසන්. ඇය හොඳ ම නිළිය ලෙස ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයෙන් පුද ලැබුවේ 'රූම්' නමැති චිත්‍රපටයේ රඟපෑමෙන්.

එවැනි තවත් ජයග්‍රහණයක් ඇය වටා සැරිසරමින් තිබෙන බවයි එම සම්මානයේ උණුසුම මැකී යන්නට පෙර ආරංචි වුණේ.

ඇගේ නම ඔස්කා සම්මාන උළෙලේ හොඳ ම නිළිය තෝරන නම් ලැයිස්තුවටත් නිර්දේශ වෙලා. 'රූම්' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්මයි ඇගේ නම ඔස්කා උලෙළටත් නිර්දේශ වී ඇත්තේ.

ඇය මේ බව දැන ගත්තේ ඔස්ට්‍රේලියාවේ චිත්‍රපට රූගත කිරීමක යෙදී සිටිද්දීයි.

බ්‍රී ලාසන් ගේ නම ඔස්කා සම්මානයට නිර්දේශ වී ඇත්තේ තවත් ප්‍රවීණ නිළියන් කිහිප දෙනකු එක්කයි. ඒ අය තමයි, ජෙනිෆර් ලෝරන්ස් සහ කේට් බ්ලැන්චට්.

1998 දී සිනමා රංගනයට පිවිසුණු බ්‍රී, ගී ගායනයටත් දක්ෂයි. කෙටි චිත්‍රපට 2 ක් ද අධ්‍යක්ෂණය කර ඇති ඇය තවමත් 26 වැනි වියෙහි පසුවනවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »