Home / හොලිවුඩ් ගොසිප් / 'මහාචාර්ය ස්නේප්' සමුගනී

'මහාචාර්ය ස්නේප්' සමුගනී

2016-01-25 11:49:00       1027
feature-top
ඇලන් රික්මාන්ව ඔබ හඳුනනවාද? එනමින් ඔහු ඔබට ආගන්තුක අයකු වෙන්න ඇති. නමුත් ඔබ 'හැරී පොටර්' චිත්‍රපට රසිකයකු හෝ රසිකාවියක නම් මහාචාර්ය ස්නේප් ව දන්නවා ඇති. හැරීපොටර් චිත්‍රපට මාලාවේ මහාචාර්ය ස්නේප් ගේ චරිතය නිරූපණය කළේ ඇලන්.

මේ ප්‍රවීණ රංගන ශිල්පියා පසුගියදා මුළු ලොවම වෙසෙන රසික ජනතාවගෙන් සදහටම සමුගත්තා. වයස අවුරුදු 69 දී ඔහු මිය ගියේ පිළිකා රෝගය වැලඳීමෙන්.

ඇලන් මුලින් ම රඟපෑවේ 1978 දී විකාශය වූ 'රෝමියෝ ජුලියට්' ටෙලි වෘත්තාන්තයේයි. පුළුල් තිරයට ඔහු පා තැබුවේ 1988 දී තිරගත වූ 'ඩයි හාඩ්' චිත්‍රපටයේ රඟපෑමෙන්.

ඇලන් විවාහ දිවියට ඇතුළත් වී ඇත්තේ පසුගිය වසරේදී යි. ඒ, රිමා හෝට්න් සමඟයි. ඔවුන් දෙදෙනා එලෙස නිත්‍යනුකූලව විවාහ වුණත් වසර 38ක පමණ කාලයක් එකට ජීවත් වූ බවයි පැවසෙන්නේ.

විවාහ දිනයේදී තමන් රිමා ට මංගල මුදුවක් තෑගි කළත්, ඇය එය කෙදිනකවත් පලඳා නැතැයි මුව'ග රැඳුණු සිනහවකින් යුතුව ඇලන් කියා සිටියේ මිය යන්නට මාස කිහිපයකට කලින්.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »