Home / හොලිවුඩ් ගොසිප් / ලියනාඩෝට ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය

ලියනාඩෝට ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය

2016-01-20 11:36:00       1046
feature-top
මා මේ සම්මානය මේ ලොව මුල් ආදී වාසින් සහ ලෝ පුරා විසිරුණු ස්වදේශික ප්‍රජාව වෙත පුද කරන්න කැමැති. මේ තමයි ඔබේ ප්‍රෞඩ ඉතිහාසය ලොවට විවර කරන්න හොඳම කාලය ඒ වගේම විදේශිකයන්ගෙන් ඔබේ ප්‍රජාව රැක ගත යුතු කාලයද ඒ සමඟම එළැඹේවී.

පසුගියදා කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ටන් හොටලයේදී පැවැති 73 වැනි ගොල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ The Revenant චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා ලෙස පිදුම් ලැබූ ජනප්‍රිය හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝ ගේ මේ අපූරු තුති පිදීමේ කතාව පිරිසකට තරමක් අපැහැදිලි වූත් තවත් අයට කුතුහලයක් මෙන්ම තවත් අයට හැඟීම්බර මොහොතක්ද වුණා.

ඒ කෙසේ වෙතත් පැමිණ සිටි සියලු දෙනාගේම දෑත් ඔවුන්ටත් නොදැනිම එක් වෙමින් ගෞරව පුරක අත්පොලසන් දෙන්නට තරම් එය ප්‍රබල ප්‍රකාශයක් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නා. මුල සිටම ලියනාඩෝ මෙම සම්මානයට හිමි කම් කියාවී යැයි අනාවැකි ද පලවී තිබුණා.

පැමිණ සිටි බොහො දෙනාගේ අවධානය දිනා ගනිමින් වෙනදාටත් වඩා කිසියම් සුවිශේෂි කඩවසම් බවක් දිස්වූ ලියනාඩෝ ට සුබ පැතුම් එක් කළ අය අතර ඔහුගේ දිගු කාලින මිතුරිය වන ජනප්‍රිය හොලිවුඩ් නිළි කේට් වින්සලට් ගෙන් ලැබුණු උණුසුම් වැළැඳ ගැනීමට කාගෙත් ඇස් යොමු වුණා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »