Home / හොලිවුඩ් ගොසිප් / කේට්ගේ තරබාරුවට අවමන් කරලා

කේට්ගේ තරබාරුවට අවමන් කරලා

2016-01-19 09:56:00       1045
feature-top
කේට් වින්ස්ලට් අද, සම්මානිත දක්ෂ නිළියක හැටියට වැජඹෙනවා. ඒත් ඇය කුඩා කා‍ලයේදී නොයෙකුත් අමිහිරි අත්දැකීම්වලට මුහුණ දී තිබෙනවා. දැන් ඇය සුරූපී නිළියක වුවත් කුඩා කාලයේදී මෙවැනි සුන්දර රූ සපුවක් ඇයට තිබුණේ නැතිලු. ඒ නිසා වටපිට අයගෙන් තමන් ලද අවමානයන් නිමක් නැතැයි ඇය මෙලෙස පවසනවා.

මගේ පෙනුමට තමයි මාව විහිළුවට ලක්වුණේ. ඒ මොකද, පුංචි කාලෙදි මම තරබාරුයි. මේ හේතුව නිසා ගොඩක් අයට මට එක එක දේවල් කිව්වා කේට් වින්ස්ලට් එලෙස කීවේ පසුගිය දා ඩී. බී. එස්. නාළිකාවෙන් විකාශය වූ 'Sunday Morning' වැඩ සටහනට එක්වෙමින්. කේට් මේ අයුරින් තම අතීතය හෙළි කළේ පළමු වතාවට නොවෙයි. මීට කලින් ද ඇය මෙවැනි තොරතුරු හෙළි කර තිබුණා.

මම ටිකෙන් ටික ලොකු වෙන කොටත් මට ලැබුණේ හොඳ ප්‍රතිචාර නෙමෙයි. ඒක හොඳ දෙයක් කියල කියන්න බැහැ. තරුණියක් හැටියට ඉදිරියට එනකොට ඔය වගේ අවමන් කිරීම් හරිම අයහපත් විදිහට බලපානවා.

නමුත්, මම කියන්න ඕනෙ අපේ තරුණියන්ට, ජීවිතේ හැමදාම එකම විදිහ නෙමෙයි කියල. කේට් එලෙස කීවේ තේරුම් කිහිපයක් සහිතවයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »