Home / හොලිවුඩ් ගොසිප් / ජෙනිෆර් බඳිනවලු

ජෙනිෆර් බඳිනවලු

2016-01-18 10:03:00       1027
feature-top
ගායිකා ජෙනිෆර් ලොපේස් සහ කැස්පර් ස්මාට් අතර පැවතුණේ නිවි නිවී දැල්වෙන පහනක් වැනි ප්‍රේමයක්. විටෙක සුන්දරත්වයකින් යුතුව දීප්තිමත් වූ මේ ප්‍රේම කතාව, තවත් විටෙකදී සුළි සුළංවලට ගොදුරු වුණා.

කවුරුත් අනුමාන කළේ ජෙනිෆර් සහ කැස්පර් අතර පවතින මේ සබඳකමට වැඩි ආයුෂ නොමැතිව අතරමඟ නතර වේවි ය කියලයි.

ඒත් ඒ සිතුවිල්ල වැරැදි බව පෙන්වමින් පසුගිය දා විකාශය වූ එක්තරා රූපවාහිනී වැඩ සටහනකට එක්වූ ජෙනිෆර් කීවේ, මේ වසරේ දී ඇය කැස්පර් සමඟ විවාහ වන බවයි. මෙහිදී වැඩ සටහනේ නිවේදකයා ජෙනිෆර්ගෙන් ඇසුවේ ළඟදී දෙදෙනා හුවමාරු කරගත් තෑගි මොනවා ද කියලයි. එයට පිළිතුරු දුන් මේ සුපිරි ගායිකාව කීවේ... එයා මට ලස්සන බ්‍රේස්ලට් එකක් දුන්නා.

මම එයාට ටක්සඩෝ එකක් (භෝජන සංග්‍රහවලදී අඳින ඉතා වටිනා කබායක්) තෑගි දුන්නා කියලයි. එහෙමනම්, මේ වටිනා කබාය විවාහ මංගල්‍යයටත් අඳින්න පුළුවන් වේවිදැයි කවුරුත් ප්‍රශ්න කරනවා. කැස්පර් ස්මාර්ට්, රංගන ශිල්පියෙක්. ඔහු නර්තන ශිල්පියෙකු ලෙස ද ප්‍රසිද්ධයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »