Home / හොලිවුඩ් ගොසිප් / හොලිවුඩ් 'හුණු වටයක්'

හොලිවුඩ් 'හුණු වටයක්'

2016-01-16 09:52:00       1027
feature-top
පුතකුගේ අයිතිය වෙනුවෙන් සටන් වදින මවුපිය යුවළකගේ කතාවක් හොලිවුඩ්පුරෙන් දැනගන්නට ලැබුණා. මේ වන විට 15 වැනි වියෙහි පසුවන රොකෝ නම් වූ පුතු තමන් භාරයේ සිටිය යුතු යැයි නීතිය ඉදිරියේ සටන් වදින මේ මවුපියන් දෙපළ තමයි, මැඩෝනා සහ ගයි රිචී.

සුපිරි ගායන තරුව, මැඩෝනා විවාහ වී සිටියේ ගයි රිචී සමඟයි. දැන් ඔවුන් දෙදෙනා වෙන්වෙලා. 2000 දී ගයි සමඟ විවාහ වූ මැඩෝනා 2008 දී ඔහුගෙන් සමුගත්තා. ගයි සමඟ ගත කළ අට වසරක විවාහ දිවියෙන් බිඳක් හෙළි කළ මේ සුපිරි ගායිකාව කීවේ එම කාලය තුළ තමන් සිරගත වී සිටි බවයි. ගායිකාවක් ලෙස තමන් අපේක්ෂා කළ නිදහස එම කාලයේ දී නොතිබුණු බවයි ඇය කීවේ.

මේ දෙදෙනාගේ පුතු රොකෝ දැන් පදිංචිව සිටින්නේ ලන්ඩන් නුවර සිය පියා වන ගයි සමඟයි. මැඩෝනා නඩු කියමින් ඉල්ලා සිටින්නේ රොකෝ ව තමන් භාරයට පත් කරන ලෙසයි. මැන්හැට්න් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වන මේ නඩු විභාගයට පෙනී සිටි මැඩෝනාගේ උත්සාහය තමන් පදිංචි නිව්යෝක් නගරයට පුතු ගෙන්වා ගැනීමයි.

මේ වන විට මැඩෝනා නිව්යෝක් නුවර පදිංචිව සිටින්නේ 19 වියැති ලෝඩ්ස් 10 වියැති ඩේවිඩ්, සහ 9 හැවිරිදි මර්සි යන දූ දරුවන් සමඟයි. මැඩෝනා 1985 - 1989 අතර කාලයේ දී ඩීන් පෙන් සමඟ විවාහ වී සිටියා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »