Home / හොලිවුඩ් ගොසිප් / ශ්වසනෙගර් පවුල පෑහෙයි

ශ්වසනෙගර් පවුල පෑහෙයි

2016-01-14 11:16:00       1027
feature-top
ලෝක ප්‍රකට 'ටර්මිනේටර්' චිත්‍රපටයේ වීරයා සිනමා ලෝලීන්ට අමුත්තකු නොවෙයි. ඔහු තමයි, ආනෝල්ඩ් ශ්වසනෙගර්. සිනමා ලෝකයෙන් දේශපාලනයට ද පිවිසුණු ශ්වසනෙගර්, කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළා.

එතරම් ඉහළ නිලතල දැරූ ඔහුගේ පවුල් ජීවිතය 2011 දී දෙදරා ගියේ 25 වසරකට පසුවයි. ඉන් පසුව ඔහු, බිරිය වූ මාරියා ශ්‍රිවර් අතර කිසිදු සබඳකමක් තිබුණේ නැහැ. දූ දරුවන්ගෙන් පවා ඔහු ඈත්ව සිටියා.

කෙසේ වෙතත් පසුගිය ජුලි මාසයේදී යෙදී තිබුණු ශ්වසනෙගර්ගේ 68 වැනි උපන් දිනයේදී මාරියා ඔහුට සුබ පතන්නට පැමිණියා. එදා ඔහු සහ මාරියා ප්‍රසිද්ධියේම එකට එක්ව ඡායාරූපයකට මුහුණ දුන්නා.

ඉන් පසුව පසුගිය දා ශ්වසනෙගර්, තම බිරිය සහ පවුලේ සියලුම දෙනා සමඟ එකට එක්වූයේ ඔහුගේ දියණිය, කැතරින්ගේ 24 වැනි උපන් දිනය වෙනුවෙන්. මේ සියලු දෙනා සිනාමුසුව ඡායාරූපයකට පෙනී සිටියා. එය කැමරාවට හසු කරගත්තේ ශ්වසනෙගර්ගේ පුතු, පැට්‍රික්. ඔහු එම ඡායාරූපය අන්තර් ජාලයට ද එක්කර තිබුණා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »