Home / හොලිවුඩ් ගොසිප් / ටොම් කෲස්ගේ මන්දිරය විකුණයි

ටොම් කෲස්ගේ මන්දිරය විකුණයි

2016-01-13 09:53:00       1045
feature-top
සුපිරි නළු ටොම් කෲස් සතුව තිබෙන වතුයාය සහ සුපිරි නිවස අලෙවි කරන්නට සූදානමක් තිබෙනවා. අක්කර 14.2ක් වන එම වතුයාය සහ වර්ග අඩි 11331ක් වූ නිවස පිහිටා ඇත්තේ දකුණු ලන්ඩනයේ සිට සැතපුම් 30ක් පමණ දුරින්.

ටොම්ගේ වතුයාය සහ නිවස පවුම් මිලියන 4.95කට විකුණන්නට බලාපොරොත්තු වෙන බවයි දැනගන්නට ලැබී ඇත්තේ.

මේ නිවෙසෙහි නිදන කාමර 6ක්, ටෙනිස් ක්‍රීඩා කරන ස්ථානයක්, පිහිනුම් තටාකයක්, බිලියඩ් ක්‍රීඩාගාරයක්, සිනමා ශාලාවක්, නර්තන මැදිරියක් සහ කායවර්ධන මධ්‍යස්ථානයක් පිහිටා තිබෙනවා.

මෙය ඉදිකර ඇත්තේ 2003 දියි. ටොම් කෲස් මේ වත්ත සහ නිවස මිලදී ගෙන ඇත්තේ 2006 දියි. ඒ වන විට ඔහු විවාහ කරගෙන සිටියේ ජනප්‍රිය නිළි කැටී හෝම්ස්වයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »