Home / හොලිවුඩ් ගොසිප් /  මාක් සේලින්

 මාක් සේලින්

2016-01-11 11:50:00       1027
feature-top
මාක් සේලින් සිනමා සහ ටෙලි නාට්‍යවල රංගනයෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් කලාකරුවෙක්. ඒ විතරක් නොවෙයි. ඔහු ගායකයෙක්. ගීත රචකයෙක්. සංගීතඥයෙක්. එවැනි දක්ෂතාවන්ගෙන් පොහොසත් ඔහු පසුගිය දා පොලිස් අත්අඩංගුවට පත්වූයේ කැලිෆෝනියාවේ සන්ලෑන්ඩ්හි පිහිටි තම නිවසේදීමයි.

මාක් සිදුකර ඇත්තේ බරපතළ වරදක්. ඔහුගේ පරිගණකයෙහි සිය ගණනක නිරුවත් ළමා පින්තූර ගබඩා කර තිබිලා. ඇමෙරිකානු ආයතනයක් වන ළමයින්ට එරෙහි අන්තර්ජාල අපරාධ සොයා බලන කාර්ය සාධක බළකාය පැවසුවේ මාක් සතු වූ මේ පින්තූරවල නොයෙකුත් අසැබි ක්‍රියාවන් නිරූපණය වී තිබූ බවයි.

මීට කලින් 2013 වර්ෂයේදී මාක්ට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනාවක් ද එල්ල වුණා. ඒ, ඔහු සිනමා නිළි රොක්සෑන් ගෝසෙලාට ලිංගික බලහත්කාරකමක් සිදුකළ බවටයි. මාක්, මේ චෝදනාව ප්‍රතික්ෂේප කළා.

මේ සිද්ධිය අධිකරණය හමුවටත් ඉදිරිපත් වුණා. නඩු විභාගයේදී සිද්ධිය සමථයකට පත්වුණේ රොක්සෑන්ට ඩොලර් මිලියන 2.7ක වන්දියක් ගෙවන ලෙස මාක්ට අධිකරණයෙන් නියෝග කිරීමෙන්.

මාක් වඩාත් ජනප්‍රිය වූයේ 'ග්ලී' නම්වූ ටෙලි නාට්‍යයේ රඟපෑමෙනුයි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »