Home / හොලිවුඩ් ගොසිප් / ෆෝඩ් නැතුව මොන 'ස්ටාර් වෝර්ස්' ද?

ෆෝඩ් නැතුව මොන 'ස්ටාර් වෝර්ස්' ද?

2016-01-08 11:43:00       1046
feature-top
ලෝ පතළ 'ස්ටාර් වෝස්' චිත්‍රපට මාලාවේ තවත් චිත්‍රපටයක් වන 'Star Wars : The Force Awakeas' තිරගත කිරීම පසුගිය දා ඇරැඹුණා. 1977 දී තිරගත වූ 'ස්ටාර් වෝර්ස්' චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන් කිහිප දෙනකු ද මේ අලුත් චිත්‍රපටයේ රඟනවා. සම්මානිත නළු හැරිසන් ෆෝඩ් මේ චිත්‍රපට මාලාවේ වයස්ගතම රංගන ශිල්පියායි.

මේ වන විට 73 වැනි වියෙහි පසුවන හැරිසන් ෆෝඩ්, අලුත්ම 'ස්ටාර් වෝර්ස්' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ලැබූ ගාස්තුව ඩොලර් මිලියන 34.7ක්. ඒ සමඟම, චිත්‍රපටයෙන් ලැබෙන දළ ආදායමෙන් 0.5%ක් ඔහුට හිමි වීමට නියමිත බවත් පැවසෙනවා. මේ චිත්‍රපටයට අලුතින් එක්ව සිටින ඩේසි රයිඩ්ලි සහ ජෝන් බොයෙගා යන දෙදෙනාට හිමි වී ඇත්තේ ඩොලර් 6,23,000ක මුදලක් පමණයි. මේ ගාස්තුවත් සමඟ හැරිසන් ෆෝඩ්ගේ ගාස්තුව සැසඳුවහොත් එය 76 ගුණයක වැඩිවීමක් යැයි ඇතැම් අය පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, නවක නළු නිළියන් වෙනස් වුවත් එය 'star wars : The Force Awakeas' චිත්‍රපටයට බලපෑමක් නොවන බවත්, එහෙත් හැරිසන් ෆෝඩ් නොමැතිව මේ චිත්‍රපටයට පැවැත්මක් තිබිය නොහැකි බවත් නිෂ්පාදකවරු පවසනවා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »