Home / හොලිවුඩ් ගොසිප් / සෙල්ලම් පිස්තෝල කතාවක්

සෙල්ලම් පිස්තෝල කතාවක්

2016-01-06 10:48:00       1027
feature-top
කාරා ඩැලවීන් හොලිවුඩ්පුර බිහි වූ නවක තරුවක්. මේ වන විට 23 වැනි වියෙහි පසුවන මේ සුරූපිනිය හොලිවුඩයට පා තැබුවේ 2012 දී තිරගත වූ 'ඇනා කැරනිනා' චිත්‍රපටයේ චරිතයක් රඟපෑමෙන්. ඉන් පසුව චිත්‍රපට රැසකම රඟපෑ ඇය ටෙලි නාට්‍ය රංගනයටත් එක්වී තිබෙනවා.

කාරා, නිරූපණ ලොවෙන් සිනමා ලොවට පිවිසි යෞවනියක්.

සිනමා ලොව ඉදිරියටම ගමන් කරමින් සිටින ඇයට පැපරාසි කැමරාකරුවන් ගෙන් නම් ගැලවී සිටින්නට හැකියාවක් ලැබී නැහැ. මෑතකදී හොර රහසේම ඇගේ ඉරියව්වක් කැමරාවකට හසුකරගන්නා පැපරාසියකු ඇයට හසු වුණා.

එම සිද්ධියෙන් පසුව මේ සුරූපිනිය ආත්මාරක්ෂාව සඳහා එක්තරා ආයුධයක් ළඟා තබා ගත්තා. ඒ ආයුධය තමයි, වතුර විදින තුවක්කුව.

කවුරුන් හෝ අයකු තමන්ගේ ඡායාරූපයක් රහසේ ගන්නට උත්සාහ කළොත් ඇය මේ සෙල්ලම් තුවක්කුවෙන් ඒ තැනැත්තාට තදබල වතුර ප්‍රහාරයක් එල්ල කරන්නට බලාපොරොත්තු වෙනවාලු.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »