Home / හොලිවුඩ් ගොසිප් / කුළු හරක් මස් රංගනය

කුළු හරක් මස් රංගනය

2016-01-05 09:56:00       1047
feature-top
'වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීට්' තරුව පසුගිය දාක කුළු හරකකුගේ අක්මාව අනුභව කළැයි ලොකු කතාබහක් ඇතිවෙලා. කවුරුන් ද මේ රංගන ශිල්පියා? ඔහු තමයි, ලියනාඩෝ ඩි කැප්රියෝ. 'ද රිවිනන්ට්' නම් වූ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුරදීයි ඔහු මේ බව නොවළහා කියා සිටියේ.

කුළු හරකකුගෙ අක්මාව වටේ තුනි සිවියක් වගේ දෙයක් තියෙනවා. හරියට බැලුමක් වගේ. ඒක තමයි අප්‍රසන්න. මේවා විකන කොට කට පුපුරනවා වගේ දැනෙනවා. ඩි කැප්රියෝ පැවසුවා.

ඔහුට මේ ආහාරය ගැනීමට සිදුවී ඇත්තේ 'ද රිවිනන්ට්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ අලෙජන්ද්රෝ බර්ඩ්මාන්ගේ උපදෙස් මත බවයි පැවසෙන්නේ. චිත්‍රපටයේ ඩි කැප්රියෝට ලැබී ඇති චරිතය සාර්ථකව නිරූපණය කිරීමට මේ කුළු හරක් මස් අනුභවයට ගන්නැයි ඔහු ඩි කැප්රියෝට දැන්වූවාලු.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »