Home / හොලිවුඩ් ගොසිප් / ජෙනිෆර් ස්පාඤ්ඤ කතා කරයි

ජෙනිෆර් ස්පාඤ්ඤ කතා කරයි

2016-01-04 11:40:00       1045
feature-top
ඔස්කා සම්මාන ලාභී, සුපිරි නිළි ජෙනිෆර් ලෝරන්ස් රඟන අලුත්ම චිත්‍රපටය, 'ජෝයි'. මෙහි ප්‍රධාන චරිත නිරූපණයට ජෙනිෆර් සමඟ එක්වන්නේ වෙනිසියුලාවේ ජනප්‍රිය නළුවකු වන එඩ්ගා රමිරේස්.

සත්‍ය කතාවක් රැගත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඩේවිඩ් ඕ රසෙල්.

චිත්‍රපටයේ ජෙනිෆර්ට නිරූපණය කිරීමට නියමිත චරිතයට අනුව ඇයට ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කරන්නට සිදු වෙලා.

ඒ නිසා ඇය නොදත් ස්පාඤ්ඤ භාෂාව උගන්වන්නට ඉදිරිපත් වුණේ එඩ්ගා රමිරේස්. ඔහු පසුගිය දා ආඩම්බරයෙන් පැවසුවේ, ජෙනිෆර් ලෝරන්ස්ට ස්පාඤ්ඤ බස කතා කිරීමට ඉගැන්නුවේ තමන් බවයි. එඩ්ගා මේ චිත්‍රපටයේ රඟන්නේ ජෝයි මැන්ගානෝ නම් වූ ව්‍යාපාරිකයාගේ චරිතයයි.

රමිරේස්ට හොලිවුඩ් සිනමාව ආගන්තුක ලෝකයක් නොවෙයි. ඔහු මීට කලින් 'ද බෝන් අල්ටිමෙටම්' නම් වූ හොලිවුඩ් චිත්‍රපටයේ ද රඟපා තිබෙනවා. රමිරේස්ගේ පියා හමුදා නිලධරයෙක්. ඒ හේතුවෙන් පියා සමඟ විදේශ සංචාරයන් රැසකට එක්වන්නටත් ඔහුට වරම් ලැබුණා. ඒ අතර දී විදේශ භාෂා කිහිපයක්ම ඉගෙන ගන්නටත් ඔහුට හැකි වුණා.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »