Home / හොලිවුඩ් ගොසිප් / ශකිරාගේ සෙනෙහස දුගී දරුවන්ට

ශකිරාගේ සෙනෙහස දුගී දරුවන්ට

2016-01-01 10:55:00       1045
feature-top
සුපිරි ගායිකා ශකිරා දැන් ආදරණීය මවක්. තම පුතු උපන්නාට පසුව ඇය, ලොව පුරා සිටින අහිංසක, අසරණ දූ දරුවන්ට උදවු කරන්නට නිතරම ඉදිරිපත් වෙනවා.

ශකිරා පසුගිය දා හයිටි රාජ්‍යයේ සංචාරයක යෙදුණා. ඒ, ඇය සභාපතිත්වය දරන බෙයාෆුට් ෆවුන්ඩේෂන් නම් වූ සමාජ සේවා සංවිධානයේ ආධාර ලබා දෙන්නටයි. මේ ආධාර ලබා දෙන්නේ එරටෙහි අබලන්ව පවතින පාසල් ගොඩනැඟිලි පිළිසකර කර දීමටයි.

ඒ අතරම එරට තුළ ළදරු පාසල් අධ්‍යාපන කටයුතු නංවාලීමටත් ආධාර කරන්නට ඇය බලාපොරොත්තු වෙනවා.

හයිටියේ විතරක් නොවෙයි. වෙනත් රටවල වෙසෙන අසරණ දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කරන්නටත් බලාපොරොත්තු වන බවයි මේ සුපිරි ගායිකාව පවසන්නේ.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »