Home / හොලිවුඩ් ගොසිප් / බ්‍රිට්නිගේ ගී අහන්න බියොන්සෙ

බ්‍රිට්නිගේ ගී අහන්න බියොන්සෙ

2015-11-30 11:22:00       1046
feature-top
ජනප්‍රිය ගායිකා බ්‍රිට්නි ස්පියර්ස්ගේ ගීත ප්‍රසංගයක් පසුගිය දා ලාස් වේගාස් හි ප්ලැනට් හොලිවුඩ් රෙසෝට් ඇන්ඩ් කැසිනෝ ශාලාවේදී පැවැත්වුණා. මෙය නැරැඹීමට පැමිණි රසික කැල අතරට තවත් ජනප්‍රිය ගායක ගායිකා යුවළක් එක්ව සිටියා. ඔවුන් දෙදෙනා තමයි, බියොන්සෙ සහ ජේ. ඉසෙඩ් හෙවත් ෂෝන් කුරේ කාටර්. මේ දෙදෙනා බ්‍රිට්නිගේ රසික යුවළක් හැටියට නම් කළ හැකියි. බියොන්සෙ සහ ජේ මෙම ප්‍රසංගය ඇරැඹීමට විනාඩියකට පමණ කලින් ශ්‍රවණාගාරයට ඇතුළු වූ බවයි ඇසින් දුටු අය පැවසුවේ.

කවුරුවත් හිතුවෙ නැහැ මේ දෙන්න ඒවි කියලා. හැමෝම පුදුම වුණා. ප්‍රේක්ෂකාගාරයේ සිටි අයකු පැවසුවා. බ්‍රිට්නි වේදිකාවට පැමිණෙද්දී විශේෂ ආරාධිතයන්ට වෙන්කළ අසුනක සිටි බියොන්සෙ, බ්‍රිට්නිගේ ගීතයක් මුමුනමින් සිටිනු කාටත් දැක ගත හැකි වුණා. මේ ප්‍රසංගයේදී බ්‍රිට්නි ඉතාම සතුටින් යුතුව ගීත ගැයූ බවයි කවුරුත් පැවසුවේ.

මේ අතර, 2016 අප්‍රේල් මාසයේදී පැවැත්වෙන බ්‍රිට්නිගේ ප්‍රසංගයක් නැරැඹීමට නිකුත් කළ ප්‍රවේශ පත්‍ර මේ වන විට අලෙවි වෙමින් පවතින බවයි ආරංචි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »