Home / හොලිවුඩ් ගොසිප් / ශෙරන් ස්ටෝන්ට අමතක වෙලා

ශෙරන් ස්ටෝන්ට අමතක වෙලා

2015-11-29 12:17:00       1046
feature-top
සුපිරි නළු ශෙරන් ස්ටෝන් පොත පත කියවීමේ අපහසුවකට මුහුණ දී සිටිනවා. මෑතකදී ඇය කීවේ වසර කිහිපයක් තිස්සේම තමන් මේ අපහසුතාවෙන් පීඩා විඳිමින් සිටින බවයි.

මේ වන විට 57 වැනි වියෙහි පසුවන ශෙරන්, 2001 දී හදිසියේම රෝහල් ගත කෙරුණේ මොළයෙහි හටගත් ලේ ගැලීමක් හේතුවෙන්.

මම දවස් 9ක් තිස්සේ මේ ලේ ගැලීමෙන් ගොඩක් අසනීප වුණා. මේ නිසා මගේ දකුණු කන ටික කාලයක් ඇහෙන්නෙ නැතුව ගියා. ඒ එක්කම අකුරු කියවීමේ අපහසුවකුත් ඇති වුණා. 2001 අසනීප වුණ වෙලාවෙ මගේ වම් කකුල අක්‍රිය වුණා. ඒ නිසා ඇවිද ගන්නත් බැරි වුණා. මගේ නම ලියාගන්නත් බැරිවුණා. කතා කෙරුවෙත් ගොත ගහමිනුයි. මගේ මුළු ශරීරයම වෙනස් වුණා. කෑම බීම ගැනීමේ රටාවත් වෙනස් වුණා. අවුරුදු කීපයක් ගත වෙද්දී ඒ ආබාධ මඟ හැරුණා. හිතේ තිබුණු ධෛර්යවත්කමත් ඒ තත්ත්වයට මඟ පෑදුණා.

ශෙරන් ස්ටෝන් සුපුරුදු සිනහවෙන් යුතුව පැවසුවා.

පසුගිය දා ඇය බසාර් නම් වූ ප්‍රසිද්ධ සඟරාවේ කවරයේ ඡායාරූපයකටත් පෙනී සිටියා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »