Home / හොලිවුඩ් ගොසිප් / ඇදගෙන වැටෙන ජෙනිෆර් ලෝරන්ස්

ඇදගෙන වැටෙන ජෙනිෆර් ලෝරන්ස්

2015-11-27 12:15:00       1045
feature-top
ප්‍රසිද්ධියේ ඇද වැටීම ජනප්‍රිය නිළි ජෙනිෆර් ලෝරන්ස්ට දැන් සාමාන්‍ය සිදුවීමක් බවට පත්වෙලා. පසුගියදා නිව්යෝක් හිදී පැවැත්වුණු ද හන්ගර් ගේම්ස්: මොකිංජේ - 2 චිත්‍රපටයෙහි පූර්ව දර්ශනය නරඹන්නට සිනමා ශාලාව වෙත පිය ගැට පෙළ නගිමින් සිටිද්දී ඇය ඇද වැටිලා. උත්සවාකාරයෙන් පැවැත්වුණු මේ චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹන්නට ඒ මොහොතේ විශාල පිරිසක් පැමිණෙමින් සිටියා. පියගැට පෙළ මතින් ගමන් කරද්දී ජෙනිෆර් පැළඳ සිටි අඩි උස සපත්තුවක් නුහුරට යද්දී තමයි ඇය මෙලෙස ඇද වැටී ඇත්තේ. ඒ මොහොතේ ඒ අසළ සිටි අයකු ඇයව අල්ලා ගත් නිසා ඇයට තුවාලයක් සිදුවී නැහැ.

මීට පෙර දෙවතාවක් ම ජෙනිෆර් ගේ පය පැකිළී ඇද වැටී තිබෙනවා. 2014 පැවැති ඔස්කාර් සම්මාන උලෙළට පැමිණි ඇය, තම මෝටර් රියෙන් බසිද්දී පය පැටලී වැටුණා. 2013 දී පැවති ඔස්කාර් සම්මාන උලෙළේදී තමන්ට හිමි සම්මානය ලබා ගන්නට වේදිකාවට ගොඩවෙද්දී ද ඇය ඇදගෙන වැටුණා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »