Home / හොලිවුඩ් ගොසිප් /  බීබර්ට ආයෙත් මවු සෙනෙහස

 බීබර්ට ආයෙත් මවු සෙනෙහස

2015-11-18 04:00:00       1046
feature-top
යෞවන පරපුර තවමත් ආදරය කරන ජනප්‍රිය යොවුන් ගායක ජස්ටින් බීබර් පසුගිය වසර දෙකක පමණ කාලය ගත කළේ තම මවගෙන් ඈත්වයි. මේ කාලය තුළ දෙදෙනා අමනාපව සිටි බව හොඳින්ම පෙනී යන්නේ ජස්ටින් බීබර්ගේ මව ප්‍රකාශ කළ කාරණයක් නිසයි.

පහුගිය කාලෙ පුතා නොයෙකුත් වැරැදිවලට අත්අඩංගුවට ගත්ත අවස්ථා තිබුණා. යාළුවන් එක්ක පාටිවල රස්තියාදු වුණා. අසල්වැසි නිවෙසකට කරදරයක් වුණා. මේ නිසා මම හිටියේ පුතා ගැන බලාපොරොත්තු කඩකරගෙනයි ජස්ටින් බීබර්ගේ මව එලෙස ප්‍රසිද්ධියේ කියා සිටියා. මම කැමැති නැහැ, මගේ අම්මා ඒ විදිහට දුක් වෙනවා දකින්න. මම, අම්මා ගැන හොඳට දන්නවා. අපි කතා කරන්නෙ නැතිව කාලයක්ම හිටියා. ඒත් දැන් මට ඕනෙ, ඒ අමනාපය නැති කරගන්න. අම්මා දැන් ඉන්නෙ හවායිවල. මම අම්මාට ආදරෙයි ජස්ටින් බීබර් හැඟුම්බරව එලෙස කීවා. ජස්ටින් බීබර්ගේ මව, පැටී මැලට්. පියා, ජෙරමි බීබර්. මේ වන විට 38 වැනි වියෙහි පසුවන පැටී මැලට් පවසන්නේ තම පුතු තමන්ට වඩා පියාට වඩාත්ම සමීප බවයි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »