Home / හොලිවුඩ් ගොසිප් / අයෝමය වීරයාට චෝදනාවක්

අයෝමය වීරයාට චෝදනාවක්

2015-11-09 10:13:00       1027
feature-top
හොලිවුඩ් තිරයේ අයෝමය ප්‍රතිරූපයක් හිමි ආනෝල්ඩ් ශ්වසනෙගර් දේශපාලනයට ද සම්බන්ධව සිටි බව ප්‍රකට කාරණයක්. 2003 වසරේ දී කැලිෆෝනියාවේ ආණ්ඩුකාරධුරයට රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කරමින් පත්වූ ශ්වසනෙගර්, 2006 දී දෙවැනි වතාවටත් තේරී පත්වුණා. 2011 වසර වන තුරු ඔහු එම ධුරයෙහි කටයුතු කළා. පසුගියදා ශ්වසනෙගර් ට චෝදනාවක් එල්ල වුණා. ඒ, ඔහු ආණ්ඩුකාරධුරය දැරූ කා‍ලයේ දී කැලිෆෝනියා ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක පිහිටි බන්ධනාගාරයක සිරකරුවෙකු ගේ මරණයක් සිදුවීම පිළිබඳවයි.

රොඩ්නි ටේලර් නම් වූ මේ සිරකරුවා බන්ධනාගාරගත වී සිටියේ මත්ද්‍රව්‍ය චෝදනාවක් නිසයි. ඔහු 2010 වසරේ දී මිය ගියේ උණ රෝගයක් වැලඳුණු නිසයි. දැන් රොඩ්නිගේ ඥාතීන් චෝදනා කරන්නේ ශ්වසනෙගර් ආණ්ඩුකාර ධුරය දැරූ කාලයේ දී එම බන්ධනාගාරය තුළට ඇතුළු වූ විෂබීජයක් නිසා ඔහු මිය ගිය බවයි. මේ විෂබීජ ඉවත් කිරීමට ශ්වසනෙගර් ක්‍රියා නොකළ නිසා රොඩ්නිගේ මරණය සිදුවූයේ යැයි ද ඔවුන් තවදුරටත් චෝදනා කරනවා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »