Home / හොලිවුඩ් ගොසිප් / ගුවන් අනතුර යන්තම් මතකයි

ගුවන් අනතුර යන්තම් මතකයි

2015-11-07 10:06:00       1027
feature-top
ප්‍රවීණ නළු හැරිසන් ෆෝඩ් මීට මාස කිහිපයකට පෙර ගුවන් අනතුරකට මුහුණ දුන්නා. ඔහු පදවමින් ගිය හෙලිකොප්ටරය කඩා වැටීමෙන් තමයි, ඒ අනතුර සිදුවුණේ.

73 වියැති මේ රංගන ශිල්පියා පසුගිය සතියේ මාධ්‍යයන් වෙත ප්‍රකාශයක් කරමින්, තමන් මුහුණ දුන් ඒ බිහිසුණු අත්දැකීමේ මතකයෙන් බිඳක් හෙළි කළා. මට දැන් නම් එදා සිද්ධ වුණ දෙ යන්තම් මතකයි. හැම දෙයක් ම මතක නැහැ. එදා මම හොලිකොප්ටර් එකේ යද්දි හදිසියෙ ම එන්ජිම නැවතුණ බව මතකයි. ඊට පස්සෙ කුලුනක් දැක්කා යන්තම් මතකයි. මම උත්සාහ කළේ සාමාන්‍ය ගුවන් මාර්ගයේ යන්නයි. ඒත් මට තේරුණා, එහෙම ගමන් නොකරන බව. අනතුර වෙලා දවස් 5 කට පස්සෙයි මට ඔය සිද්ධිය මතක් වුණේ. හැරිසන් ෆෝඩ් එලෙස පවසද්දී ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයකු කීවේ තවත් කතාවක්. මේ ප්‍රවීණ නළුවා ගේ මතකය ගුවන් අනතුරෙන් පසුව තරමක් දුර්වල වී ඇති බවයි, වෛද්‍යවරයා පැවසුවේ.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »