Home / හොලිවුඩ් ගොසිප් / වැස්සේ තරුවක් කඩා වැටිලා

වැස්සේ තරුවක් කඩා වැටිලා

2015-11-05 04:35:00       1027
feature-top
ජනප්‍රිය නැති කෙනකු මෝටර් රථයකට ගොඩවෙද්දී ඇදගෙන වැටී තුවාලයක් වුණත් එය එතරම් විශේෂ ප්‍රවෘත්තියක් වෙන්නෙ නැහැ. ඒත් ජනප්‍රිය නිළියක් - ලොව පතළ සුරූපී හොලිවුඩ් නිළියක් එලෙස ඇද වැටුණොත්? කිසිම සැකයක් නැහැ, එය මුළු ලොව පුරා පැතිරෙන පුවතක් බවට පත්වෙනවා.

කැමරන් ඩයස් නම් වූ මේ සුරූපී හොලිවුඩ් තරුවටත් එවැනි ඇබැද්දියක් සිද්ධ වුණා. පසුගිය දා ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණු එක්තරා උත්සවයකට සහභාගිවූ මේ හොලිවුඩ් තාරකාවිය තම මෝටර් රථයට ගොඩවන්නට ආවේ සැමියා, බෙන්ජි මැඩන් සමඟයි. (බෙන්ජි, හොලිවුඩයේ ජනප්‍රිය ගිටාර් වාදකයෙක්. ගායකයෙක්. ගීත රචකයෙක්) ඒ මොහොතේ පැවතුණේ මොර සූරන වැස්සක්. කඩිමුඩියේ රථයට ගොඩවෙන්නට ගිය කැමරන් එතැනම ඇදගෙන වැටුණා. වාසනාවට ඇයට තුවාලයක් සිදු නොවුණේ ඇගේ සැමියා ඇයව අල්ලා ගත්ත නිසයි. ඒ වුණත්, කැමරන් බිමට වැටෙන අයුරු එහි සිටි කැමරා ශිල්පියකු කදිමට ඡායාරූප ගත කර තිබුණා.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »